අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ආණ්ඩුකාර ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා දිවුරුම් දෙයි

    පෙබරවාරි 14, 2016

    උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඞ් කුරේ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

     

    මෙම පත්කිරීම ලබන 16 වනදින සිට බලාත්මක වන අතර දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේදි අද (14) සිදුවිය.

     

    වෘත්තියෙන් ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ රෙජිනෝල්ඞ් කුරේ මහතා 1988 වසරේදී බස්නාහිර පළාත්සභා මන්ත‍්‍රීවරයෙකු ලෙස සිය දේශපාලන ගමන්මග ආරම්භ කළේය.

     

    අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ අතර කුරේ මහතා බස්නාහිර පළාත් මහඇමතිවරයා ලෙසට ද සිය සේවාව ඉටුකළේය.

     

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya