අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට දිනන වැඩපිළිවෙළකට නව රජය අවතීරණය වෙයි

    පෙබරවාරි 14, 2016

    මෛතී‍්‍රපාල සිරිසේන බලයට පත්වුවහොත් තමන් විදුලි පුටුවට ගෙන යනු ඇතැයි එදා නායකයින් දේශපාලන වේදිකාවේ කෑ ගැසූ නමුත් සැබෑ ලෙසම ඔවුන් විදුලි පුටුවෙන් ගලවා ගැනීමට හැකිවූයේ 2015 ජනවාරි 08 වනදා නව රජය බලයට පත්වූ නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව වැලිකන්ද ජල යෝජනා ක‍්‍රමයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (13) පෙරවරුවේ එක් වෙමිනි.

    අද සෑම රටකම සහය සහ ආශිර්වාදය ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමනට හිමිව ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අද කිසිදු සතුරු බලවේගයක් ශී‍්‍ර ලංකාවට නොමැති බවද කියා සිටියේය.

    පසුගියදා ශී‍්‍ර ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාද ශී‍්‍ර ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ඉතා පැහදීමෙන් කතා කළ අතර ශී‍්‍ර ලංකාවේ ඉදිරි ගමනට සෑම සහයක්ම ලබාදීමට ඔහු එකඟ වූ බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජාත්‍යන්තරයත් දිනා ගනිමින් රට දිනාදෙන වැඩපිළිවෙලට අද නව රජය අවතීර්ණ වී ඇති බව වැඩිදුරටත් පැවසූ ජනාධිපතිතුමා රට තුළ සමබර සංවර්ධනයක් ඇති කිරීම සදහා සෑම දිස්ති‍්‍රක්කයකම විශේෂ ව්‍යාපෘති කි‍්‍රයාවට නංවන බවද කියා සිටියේය.

    සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව රටේ සියලු ජනතාවට සම පහසුකම් ලබා දෙමින් සහ ඔවුන් දුගී භාවයෙන් මුදා ගනිමින් රට තුළ නැවත යුද්ධයක් ඇති නොවන ආකාරයට ජාතික සහජීවනය සහ සංහිදියාව ගොඩනැගීම රජයේ අරමුණ බවද ජනාධිපතිතුමා පැවසීය.

    වැලිකන්ද ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලූවක් බවට පත්ව තිබූ පානීය ජල අවශ්‍යතාවය සපුරාලමින් වැලිකන්ද පානීය ජල යෝජනා ක‍්‍රමය ආරම්භ කෙරෙන අතර එහි ප‍්‍රථම ජල නළ එළීමේ කටයුත්ත මෙදින සිදු විය.

    විදේශ රටවල තානාපතිවරුන් සහ නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර මෙලෙස තානාපතිවරුන් පිරිසක් පොළොන්නරුවට පැමිණි ප‍්‍රථම අවස්ථාව ලෙස එය සනිටුහන් කෙරිණි. ඒ පිළබද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ නව රජය අනුගමනය කරන විදේශ ප‍්‍රතිපත්තීන් ඊට හේතුවී ඇති බවයි.

    මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ද, අමාත්‍ය රවුෆ් හකීම්, ෆයිසර් මුස්තාෆා, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, පියංකර ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සිරිපාල ගම්ලත්, නාලක කොලොන්නේ යන මහත්වරුන් ඇතුථ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර පොළොන්නරුව, දිඹුලාගල වැලිකන්ද මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීමද අද දින ජනාධිපතිතුමා අතින් සිදු විය.

    පිබිදෙමු පොළාන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගොඩනැගිල්ල ඉදි කෙරේ.

    විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරුනේද ජනාධිපතිතුමා අතිනි. නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya