අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවර ගැටලුව සාකච්ඡාවට ඉන්දීය විදේශ ඇමතිවරියගෙන් ආරාධනාවක්

    පෙබරවාරි 13, 2016

    ඉන්දීය ධීවර ගැටලුව සම්බන්ධයේ ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරිය නවදිල්ලි නුවරට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කර මේ ගැටළුවට තිරසර විසඳුමක් ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා යොමු කළප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    විදේශීය ධීවරයන්ට නඩු පැවරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි.ඒ අනුව ආගමන හා විගමන පනත යටතේ නඩු පැවරීම සිදු කරන්නේ.අපේ පනත සංශෝධනය කරනවා.

     

    දැනට විදේශීය ධීවරයන්ගේ බෝට්ටු නිදහස් කිරීමක් හෝ ධීවර ආම්පන්න කිසිවක් නිදහස් කරන්නේ නෑ.පුද්ගලයන් පමණයි නිදහස් කරන්නේ. එයත් සිදු වෙන්නේ,රාජ්‍ය තාන්ත්‍රික සුහඳ සාකච්ඡාවල ප්‍රතිපලය මතයි.

     

    පුද්ගලයන් දොළහක් සමඟ ඉන්දීය බෝට්ටු දෙකක් අත් අඩංගුවට ගත්තා.දැනට ධීවරයින් 22ක් අපි භාරයේ සිටිනවා. ඉදිරියේ දී සංශෝධනය කරන පනත යටතේ නම්,නඩු පැවරීමෙන් පසුව,බලාපොරොත්තුවන්නේ විශාල දඩ මුදලකට යටත් කරලා,බෝට්ටුවල අයිතිකාරයින්ට නඩු පැවරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.තමිල්නාඩුවේ වැඩි දේශපාලඥයින් තමයි මේ බෝට්ටුවල අයිතිකරුවන් වී සිටින්නේ.ඒ අනුව දඬුවම් ලබාදීමේ වැඩපිළිවෙලක් අපි සකස් කරනවා.

     

    ඉන්දීය ධීවර බෝට්ටු දහසක් එක්දහස් පන්සියයක් පමණ පැමිණෙනවා.වාර්ෂිකව බිලියන අටක වටිනාකමකින් යුතු මත්ස්‍ය අස්වැන්නක් ඉන්දීය ධීවරයන් නෙළාගන්නා බව පෙනෙනවා.


    මේ සම්බන්ධව නියමිත කාලවකවනුවක් තුළ තිරසාර විසඳුමක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමත්‍යතුමිය,වෙත විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කරුණු ඉදිරිපත් කළ අතර රාජ්‍ය තාන්ත්‍රික ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කඩිනමින් ආරම්භ කර මේ ගැටළුවට තිරසර විසඳුමක් ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා.

     

    මෙහි ආරම්භක පියවරක් ලෙස ඉන්දීය විදේශ අමත්‍යතුමිය මා වෙත නවදිල්ලි නුවර වෙත පමිණීමට ආරාධනා කරන ලදී.ඒ අනුව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කඩිනමින් ආරම්භ කළ හැකි බව සභාවට දැන්විය හැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya