අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ලිපි හුවමාරුවේ කිසිම ප්‍රශ්නයක් සිදු වී නෑ

    පෙබරවාරි 13, 2016

    තැපැල් ලිපි හුවමාරුවේ කිසිම ප්‍රශ්නයක් සිදු වී නොමැති බවත් වහාම අදාළ ඇබෑර්තු පුරවන්නට අඳහස් කරන බවත්  තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කරයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී මතු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

     

    තැපල් ලිපි තේරීම හා බෙදා හැරීම පිළිබඳව,රට තුළ ප්‍රශ්නයක් මතුව තිබෙනවා.එවැනි තත්ත්වයක් සත්‍ය ලෙස පවතිනවාදැයි මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යවරයාගෙන් විමසීය.

     

    පැනයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,මමත් එය පත්තරෙන් දැක්කා.වෘත්තීය සමිති විසින් ප්‍රවෘත්තියක් පලකර තිබුණා.ඒ පිළිබඳව සොයා බැලුවා.එහෙත් ලිපි හුවමාරුවේ කිසිම ප්‍රශ්නයක් ඇති වී නෑ.අපි වහාම අදාළ ඇබෑර්තු පුරවන්නට අඳහස් කරනවා.මෙහි ලොකු ප්‍රශ්නයක් නැතැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya