අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට මානව හා භෞතික සම්පත්,නවීන උපකරණ

    පෙබරවාරි 12, 2016

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට මානව හා භෞතික සම්පත් ලබාදීමට කටයුතු කරන බවත් නවීන උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 1975ක් ඇස්තමේන්තු කර තිබෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

     

    ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තිබෙන නවීන උපකරණ මඟින් පෙරට වඩා  නිවැරදි කලගුණ අනාවැකි ප්‍රකාශ කළ හැකි යැයි පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට මානව හා භෞතික සම්පත් ලබාදීමට කටයුතු කරන බව පැවසී ය.

     

    ගණිතමය අනාවැකි පලකිරීමේ පද්ධති,ස්වයංක්‍රීය කාලගුණ පද්ධති,අකුණු හඳුනාගැනීමේ පද්ධති,ඉහළ වායුගෝලීය දත්ත ලබාගැනීමේ පද්ධති,ඉහළ වායුගෝල සුළං ලබාගැනීමේ පද්ධති,ස්වයංක්‍රීය දත්ත හුවමාරු පද්ධති ලබාදීමට බලාපොරොත්තුවන නවීන උපකරණ බව අමාත්‍යවරයා පිළිතුර සඳහන් කරමින් පැවසී ය.

     

    කාලගුණ අනාවැකි ප්‍රකාශය වර්ධනය කිරීම සඳහා මෙම නවීන උපකරණ භාවිත කරන බව කී අමාත්‍යවරයා,එම උපකරණ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 1975ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya