අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුමන ඉල්ලීම් කළත් අවසාන‍ පිළිතුර දෙනු ලබන්නේ පාර්ලි‍මේන්තුවයි-වි‍දේශ කටයුතු නි‍‍යෝජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 12, 2016

    ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ පරික්ෂා කිරීමේ යාන්ත්‍රණය පිළිබඳව විවිධ පාර්ශවයන් කුමන ඉල්ලීම් කළත් අවසාන‍ පිළිතුර දෙනු ලබන්නේ පාර්ලි‍මේන්තුව බව වි‍දේශ කටයුතු නි‍‍යෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ ක‍ළේය.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (12) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

     

    ‍ලෝක‍යේ ‍බො‍හෝ පිරිස් විවිධ ඉල්ලීම් සිදුකළ හැකි බව ‍පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා,කිසියම් පුද්ගල‍යෙකු ‍හෝ පාර්ශවයක් ඉල්ලීම් කළද එම ඉල්ලීම් සියල්ල ඉටුකිරීමට රජය බැදී ‍නොමැති බවය. ර‍ටේ ස්වෛරීභවය අනුව ‍මේ සියලු කටයුතු සිදුකරන බවද ප්‍රකාශ කළේ ය.

     

    ශ්‍රී ලංකා‍වේ යුද අපරාධ සිදුවීද යන්න සම්බන්ධ‍යෙන් ‍සොයා බැලීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‍දේශීය යාන්ත්‍රණය සඳහා වි‍දේශ විනිසුරුවරුන් ‍යොදා ගැනීම ‍වෙනු‍වෙන් ජාත්‍යන්තර ඉල්ලීමක් ‍හෝ බලපෑමක් ති‍‍බේද යනු‍වෙන් පාර්ලි‍මේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ‍දෙමින් නි‍යෝජ්‍ය අමාත්‍යවරයා ‍මේ බව පැවසී ය.

     

    වි‍දේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා‍වේ සංවර්ධන ක්‍රියාවලියට දායක වී‍මේ අවස්ථාව වැඩිදියුණු කිරීම සඳහා‍ විස්තීරණ ප්‍රවේශයක් සැකසිය යුතු බවට උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ති‍බෙන බව සදහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, වි‍දේශ රටවල සිට යළි මවුබිමට පැමි‍ණෙන ශ්‍රී ලාංකිකයන් ප්‍රචණ්ඩකාරීන් ‍හෝ ත්‍රස්තවාදීන් ‍ලෙස ‍නොසැළකිය යුතු බවත් ඒ පුද්ගලයින්ගෙන් රටට ‍සේවයක් ලබාගත යුතු බව පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya