අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සොයාගැනීමට නොහැකි වූ පුද්ගලයන් වෙනුවෙන් නුදුටු සහතිකයක්

    පෙබරවාරි 12, 2016

    සොයාගැනීමට නොහැකි වූ පුද්ගලයන් වෙනුවෙන් ''නුදුටු සහතිකයක්'' ලබාදීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු  අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අතුරුදහන් වූ දෙමළ ජනතවට මරණ සහතික ලබාදීම සම්බන්ධයෙන් ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමින් අද (12)අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    මෙම සහතිකය නිකුත් කිරීම ලෝකය පිළිගත් ක්‍රමවේදයක්. අතුරුදහන් වූ අයට මරණ සහතිකයක් නිකුත් කිරීමේ දී ගැටළු තිබෙනවා. මෙම ''නොදුටු සහතිකය'' ලබදීම මගින් එම තැනැත්තන්ට අයිතිවාසිකම් රැසක් ලැබෙනවා.

    මේ සඳහා කැබිනට් අනුමතිය ලැබී තිබෙනවා. ඒ සඳහා අලුත් නීතියක් ගෙන එනවා. මේ  පිළිබඳව අදාළ කටයුතු සිදු කෙරෙනවා.

    88-89 වසරවල 71 වසරේ, පසුගිය කාලයේ උතුරු  නැගෙනහිර ප්‍රදේශයේ විශාල පිරිසක් මරණ සහතික අහිමි වී සිටිනවා. ඒ නිසා ''නොදුටු සහතිකයක්''ලබාදීමට කටයුතු කරනවා. එය මරණ සහතිකයක් නොවන බවත් අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya