මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාව ආර්ථික ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදෙනවා-ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර

    පෙබරවාරි 10, 2016

    පීතෘ මුලික සමාජ ක්‍රමයක් තිබුනත් කාන්තාවන් ආර්ථික ක්ෂේත්‍රයට එක හා සමාන දායකත්වයක් ලබා දෙන බව  කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසයි.


    අමාත්‍යවරිය මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී ඊයේ (09) විවාදයට ගනු ලැබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබද විවාදයට එක් වෙමිණි.


    පීතෘ මුලික සමාජ ක්‍රමයක් තිබුනත් කාන්තාවන් ආර්ථික ක්ෂේත්‍රයට එක හා සමාන දායකත්වයක් ලබා දෙනවා.මේ රටේ මැද පෙරදිග සේවය කරන කාන්තාවන් මෙන්ම වැවිලි ක්ෂේත්‍රය නියෝජනයකරන කාන්තාවන් ප්‍රධානයි.කාන්තා නියෝජනය වැදගත් දායකත්වයක් ලබා දෙනවා.කාන්තාවන් දක්වන දායකත්වය අති විශාලයි.

    ලොව ප්‍රථම අගමැතිවරිය සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියයි.ප්‍රථම ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියත් බිහි වුනේ අපේ රටෙන්.මේ රටේ කාන්තාවක්.අපේ රටේ නම ලෝක දේශපාලනයට ගෙන යාම අපි සිහිපත් කළ යුතුයි.

     

    පළාත් පාලන ආයතනවල නියෝජනය සියයයට 30ක් වැඩිකිරිමටත් රජය කැබිනට් පත්‍රිකාවක් සකස් කළා.ජාතික ලැයිස්තුවෙන් තුනෙන් එකක් ලබා දිමට කැබින්ට පත්‍රිකාව ඉදිරිපත් කළා.අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා නියෝජනය සියයයට 25ක කෝටාවක් ලබා දෙන ලෙස කළ ඉල්ලිමට කැබිනට් අනුමැතිය ලැබුණා.

     

    උගත් බුද්ධිමත් කාන්තාවන් මේ ආයතනවලට පත් කිරීමෙන් රටට වැඩදායි සේවාවවක් ඇති කළයුතුයි. මේ යෝජනාවෙන් අද සිදු කරන්නේ ඒ කටයුත්තයි.මෙම පනත ඉදිරිපත් කිරිමේ ශුරතාවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය යුතු යැයි ද අමාත්‍යවරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya