මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාවන්ට දේශපාලනයේ නියැලෙන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා

    පෙබරවාරි 10, 2016

    කාන්තාවන්ට විශාල අවස්ථාවක් ලබාදීම පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පතින් යෝජනා කරන බවත් ඉන් කාන්තාවන්ට වැඩිපුර දේශපාලනයේ නියැලෙන්න ඉඩ සළසා දෙන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේදී ඊයේ (09) විවාදයට ගනු ලැබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්(සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබද විවාදයට එක් වෙමිනි.

     

    මෙය ඓතිහාසික අවස්ථාවක්. මෙරට කාන්තා නියෝජනය වැඩි කරන්න කාලයක් තිස්සේ ඉල්ලීම් තිබුණා.ලෝකයේ අන් රටවල මෙන් තීන්දු ගන්නා මට්ටමේ තිබෙන කාන්තා නියෝජනය ඉතාමත් අඩුයි.අද කාන්තා නියෝජනය වැඩි කිරීම ආරම්භ කිරීම සඳාහා පළාත් පාලන ආයතන සඳහා සියයට 30% 40% දක්වා කාන්තාවන්ට අවස්ථාව ලබාදීමට.

     

    කාන්තාවන්ට ඉතා ගෞරවනීය අවස්ථාවක් ලබාදීමට අපේ ආණ්ඩුව යෝජනා කර තිබෙනකොට විපක්ෂයේ හැසිරීම ඉතාම අශෝබනයි.

     

    නිදහස් දිනයේ දී දෙමළ ජනතාවට අවස්ථාවක් දුන්නා,දෙමළ ජනතාවගේ භාෂාවෙන් ජාතික ගීය කියන්න.සියයට 5%කට වඩා අඩු ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තිබෙන්නේ.

     

    කාන්තාවන්ට ලොකු අවස්ථාවක් ලබාදීමේ,අවස්ථවක් තමයි මෙම පනත් කෙටුම්පතින් යෝජනා කරන්නේ.කාන්තාවන්ට වැඩිපුර දේශපාලනයේ නියැලෙන්න ඉඩ සළසා දෙනවා.

     

    කාන්තාවන්ට රටේ දේශපාලන තීන්දු ගැනීමේ මට්ටමේ තනතුරුවලදී,දේශපාලන නියෝජනයේ දී කාන්තාවන්ගේ අවස්ථාවන් වර්ධනය කර ගෙන මේ වෙනසට දායකත්වය ලබාදෙ ලෙස අපි ආරාධනා කර සිටිනවා යැයි අමාත්‍යවරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya