අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතනවලට කාන්තා නියෝජනය වැඩි කිරිමටයි උත්සාහ කරන්නේ -අගමැති

    පෙබරවාරි 09, 2016

    කාන්තාවන්ට පළාත් පාලන ආයතනවල නියෝජනය ලබාදෙන්නට කටයුතු කරන විට ඊට විරුද්ධ වන්නේ ඇයි? පළාත් පාලන ආයතනවල මැතිවරණ සඳහා කාන්තා නියෝජනය වැඩි කිරිමටයි අපි උත්සාහ කරන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධ ) පනත් කෙටුම්පත විවාදයට ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.



    1960 සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය පළමුවන අගමැතිවරිය ලෙසත් 1994 චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය පළමුවන   ජනාධිපතිනිය පත් වුණා.කාන්තාවන්ට නියෝජනය ලබා දෙන්න හදනවිට කවුරුන්ද විරුද්ධ වන්නේ.පළාත් පාලන ආයතනවල මැතිවරණ සඳහා කාන්තා නියෝජනය වැඩි කිරිමටයි අපි උත්සාහ කරන්නේ.ඒ සඳහා සහාය අපි බලාපොරොත්තු වන්නේ. ඒ සඳහාකෙටුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ.

     

    කවුද විරුද්ධ  වන්නේ කියා ජනතාව තේරුම් ගනිවි. කාන්තා නියෝජනය වැඩි කරනවිට කාන්තාමන්ත්‍රිවරියන් විරුද්ධ වෙමින් විරෝධතා  දැක්විම පිළිබද මම පුදුමවෙනවා.මම පුදුම වෙන්නේ මෙහෙම කරන්නේ ඇයි කියායි. කාන්තා ප්‍රශ්න විසදන්න හදන විට මේ මන්ත්‍රිතුමියන්ලා විරුද්ධ වෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්. මේ අයට ප්‍රශ්නයක් තිබෙනවා, නම් කතා කර විසදා ගත යුතුයි.

     

    ඔවුන්ගේ අදහස් දැක්වීම් සාධාරණ කාලයක් ලබා දෙන්න  අපි කැමතියි. නමුත් මෙවැනි පනත් සදහා විරුද්ධ විම අපි හෙළා දකිනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ මෙන්ම බොහෝ ක්ෂේත්‍ර තුළ කාන්තා නියෝජන විශාල ප්‍රමාණයක් තිබෙනවා.අපේ රටේ කාන්තා අගවිනිසුරුවරියක් සිටියා. අපිට කාන්තා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියන් සිටියා.කාන්තා ලේකම්වරියන් උපකුලපතිවරියන් මෙන්ම බොහෝ ක්ෂේත්‍රවල කාන්තා නියෝජිතවරියන් සිටිනවා.

     

    අපි කාන්තාවන්ගේ අදාළ සියලු ප්‍රශ්න විසදා තිබෙනවා.එක කාලයක් පළාත්  සභාවේ සභාපතිවරයෙක් කාන්තාවන් 100ක් තමන් දූෂණය කළ බව කීවා.ඒ පිරිසගේ අයයි මෙතන ඉන්නේ, උද්ඝෝෂණය කරන්නේ,කාන්තාවන්ට විරුද්ධ වෙන්නේ. අපි කාන්තාවන්ගේ ප්‍රශ්න විසදීමට විශාල වෙහෙසක් ගත්තා.මේ කාන්තාවන් පාර්ලිමේන්තු ,පළාත් සභා නියෝජනය වැඩි කරන්න හදන විට මේ අය විරුද්ධ වෙන්නේ ඇයි.කානත්වන්ට දේශපාලනයට එන්න අපි නිදහස ලබා දි තිබෙනවා.අපි එයට ඉඩ ලබා දිය යුතුයි.කාන්තා නියෝජනය වැඩි කරන ගමන්ම ඔබලාට වෙලාව දෙන්නත් අපි ලෑස්තියි .කාන්තාවන් නියෝජනය වැඩි කරනන් හදන විට එය කඩා කප්පල් කරන්න හදන්න එපා.ඔබේ ප්‍රශ්නය කතා කරන්න ලෑස්තියි. වෙලාව දෙන්න ලෑස්තියි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya