අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන කොමිෂන් ශක්තිමත් කර දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි

    නොවැම්බර් 27, 2015

    ඉදිරි කාලයේ දී ස්වාධීන කොමිෂන් ශක්තිමත් කර දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට අධිෂ්ඨාන කරගත යුතු යැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ පස්වැනි දින  විවාදයට අඳහස් දක්වමින් කරමින් සභානායකවරයා මේ බව පැවසී ය.

    විපක්ෂ නායකතුමා කිව්වා දූෂණය පිළිබඳව. අපි දින සියයයේ වැඩපිළිවෙළ අනුව ඒ සඳහා පියවර ගත්තා.19 වන ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපිත කරලා, ස්වාධීන කොමිෂන් පිහිටවනු ලැබුවා.

    ඉදිරි කාලයේ දී ස්වාධීන කොමිෂන් ශක්තිමත් කර දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි.ජාතික ආණ්ඩුව ගැන කතා කළේ, ජනවරි 08ට කලින්. මේක ඇමැතිකම් බෙදාගන්න හදපු ආණ්ඩුවක් නොවේ. ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩුවක් පිහිටුවා ගනු ලැබුවේ මේ රටේ ජාතික ප්‍රශ්නවලට විසඳුමක් ලබාදෙන්නයි.අපි යහපාලනයට අඬිතාල්මක් දැම්මා.

    මෙවර අයවැය ආයෝජනය ආකර්ෂණය කරන අයවැයක්.මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ උත්තරීතරභාවය තිබුණේ නෑ.ඒ සියල්ල සංකලනය වූ විටයි යහපත් රටක් බිහිවන්නේ.අපි ඒ සඳහ මුල් පියවර ගෙන තිබෙනවා.

    අපිට ආයෝජන අවශ්‍යයි.ආයෝජන ආකර්ෂණය කරගන්නේ නැතිව කිසිවක් කරන්න බෑ.ඒ සඳහා අයවැයෙන් අඬිතාලමක් දමා තිබෙනවා.

    අද අප ලෝකයේ විශ්වාශය දිනා සිටිනවා.ශිෂ්‍යයන්ට පහදීම ගැන පොලිස් කොමිෂම වර්තාවක් නිකුත් කර තිබෙනවා. එයයි යහපාලනය.මම ආරාධනා කරනව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපි සමඟ එකතුවන්න කියලා.

    උතුරු නැඟෙනහිරට අවසන් විසඳුමක් දෙන්න පුළුවන්.ජාත්‍යන්තර ප්‍රශ්නයට මුහුණදීමට ප්‍රධාන පක්ෂ දෙක එකතු විය යුතුයි.උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ආයෝජනය කරන්න විදේශ රටවල සිටින දෙමළ කණ්ඩායම්වලට ආරධනා කරන්න කියා විපක්ෂ නායකතුමගෙන් ඉල්ලා සිටිනවා යැයි ද සභනායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya