මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිපාදන නැතිව කුඩා සහ විශාල ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා

    නොවැම්බර් 27, 2015

    කුඩා සහ විශාල ව්‍යාපෘති ගණනාවක් 2014 අවුරුද්දේ ප්‍රතිපාදන නැතිව ආරම්භ කර තිබෙන බවත් එය විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (27) මෙම පිළිතුරු දීම සිදු කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමිනි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විසින් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් 2014 වසරේ ක්‍රියාත්මක කළ '' ගමෙන් ගමට- දොරින් දොරට'' ව්‍යාපෘතිය යටතේ වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාතර මහනගර සභා බලප්‍රදේශයේ සිදු කළ ව්‍යාපෘති සඳහා අදාළ කොන්ත්‍රාත් මුදල්,ගොවි සංවිධානය වෙත ගෙවා නැති බවට ප්‍රශ්නයක් යොමු කර තිබුණි.

     

    මේ ව්‍යාපෘති පිළිබඳව පළාත් පාලන අමාත්‍යාංශයයි, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයි,මහාමාර්ග අමාත්‍යාංශය තිබෙනවා,
    වැඩ කටයුත්ත කරන්න. 2014 අවුරුද්දේ වැඩකොටස් ගණනාවක් බාරගෙන තිබෙනවා. එහෙත් ඒවාට ප්‍රතිපාදන නෑ. ප්‍රතිපාදන
    වෙන් කර නෑ. ඒ නිසා ප්‍රතිපාදන කොටසක් වෙන් කර දුන්නා. එන වසරෙත් ප්‍රතිපාදන ලබාදෙන්නම්. පාරවල්වල එක
    ඉඩමකටවත් වන්දි ගෙවන්න සල්ලි දීලා නෑ. එය අපි සභාවට භාරදෙන්නම්, කොහොමද ඒ සඳහා වැඩිපුර මුදල් හොයාගන්නේ
    කියලා. ප්‍රතිපාදන නැතිව කුඩා සහ විශාල ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබෙනවා. එය විශාල ප්‍රශ්නයක්. එතැනදී කුඩා
    හා විශාල කොන්ත්‍රාත්කරුවන් හිර වී සිටිනවා. පොදු මුදල් කාරකසභාව පත් කළාට පස්සේ බලලා, මේ සභාවෙන් කියන්නට
    වෙයි,මේ සම්බන්ධයෙන් කුමක් ද කරන්නේ කියලා. මෙය විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා''යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය

     

     

    පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා  සඳහන් කළේ, මෙය මාතර
    ප්‍රදේශයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවන බවය. මෙය ශ්‍රී ලංකාවටම අදාළ ප්‍රශ්නයක්. ගෙවීම් පිළිබඳව ප්‍රශ්න මතු වී
    තිබෙන නිසා මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒවා පළාත් පාලන ආයතනවලින් ගෙවීම් කරන්න කියලා. ඒ බව පළාත් පාලන
    ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. නුදුරේම එම ගෙවීම් කටයුතු කරනවා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya