අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "SASEAN" සමුළුව කොළඹ දී Featured

    නොවැම්බර් 13, 2014
    දකුණු සහ ගිනිකොනදිග ආසියානු කලාපීය රාජ්‍යයන්හි ආරක්ෂක ප්‍රධානීන්ගේ සැසිය (SASEAN) නොවැම්බර් 27 සිට 29 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය.
     
    මෙම සැසිය සඳහා දකුණු ආසියානු රටවල් 08ක් සහ ගිනිකොනදිග ආසියානු රටවල් 10කින් ආරක්ෂක ප්‍රධානීන් සහභාගිවීමට නියමිත අතර රුසියානු සමුහාණ්ඩුව සහ මහජන චීන සමුහාණ්ඩුව නිරීක්ෂකයන් ලෙසින් සහභාගි වීමට නියමිතය.
     
    දකුණු හා ගිනිකොනදිග ආසියානු කලාපයේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවයට එල්ලවන අභියෝග මැනවින් හඳුනාගෙන අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ විශ්වාසය මගින් එම අභියෝගවලට මුහුණදීමට අවශ්‍ය උපාය මාර්ග ගැනීමට කටයුතු කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.
     
    මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සංකල්පය, තර්ජන සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ව අවධානය යොමු කෙරෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya