අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයවැය පොරොන්දු ඉටු කරමින් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ 175ක් ස්ථීර පත්වීම් ලබති

    නොවැම්බර් 13, 2014
    2015 අයවැය පොරොන්දු ඉටුකරමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවය කරන ලද දින 180 සම්පූර්ණ වූ සේවකයන් 175දෙනෙකු වෙනුවෙන් අද (13) ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු විය.
     
    මෙම පත්වීම් ලිපි රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය නාගරික සංවර්ධන අධිකාරිය පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
     
    මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සංවර්ධන සැලසුම්වල දිගු කාලීන ප්‍රතිඵල ජනතාව වෙත ලබාදෙමින් ඉදිරිපත් කළ 2015 අයවැය ප්‍රකාශය අනුව රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ පියවර ලෙස මෙම ස්ථීර සේවයේ පිහිටුවීම සිදු කරනු ලැබේ. 
     
    මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) ඉංජිනේරු රොහාන් සෙනවිරත්න, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා මහතා සහ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ශ්‍රීමති සේනාධීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya