අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ භාරගනී

    නොවැම්බර් 13, 2014
    පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගාමිණි රාජකරුණා මහතා අද (13) උදෑසන 10.17ට යෙදුණු සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
     
    ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් සේවය කරමින් සිටි ඒ මහතා ගොවිජන සේවා, පශු සම්පත් හා ග‍්‍රාමීය සංවර්ධන, ආපදා කළමනාකරණ යන අමාත්‍යාංශ රැසක අතිරේක ලේකම්වරයෙකු වශයෙන් වසර 32ක කාලයක් පුරා රාජ්‍ය සේවයේ පරිණත නිලධාරියෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.
     
    මෙමඅවස්ථාව සඳහා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර  මහතා සහ හිටපු ලේකම්වරුවන් වන ඩබ්. එම්. බන්ධුසේන සහ උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරු ද,  අමාත්‍යාංශයේ සියලු ම උසස් නිලධාරින් හා කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya