අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය හෙට

    නොවැම්බර් 13, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්ති සැමරුමට සමගාමී ව රණ විරු ප්‍රතිලාභ පිරිනැමෙන උත්සවයක් හෙට (14) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්වේ. 
     
    ඒ අනුව මෙහිදී පහ වසර ශිෂ්‍යත්වය සමත් රණ විරු දරුවන් 102කට ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වන අතර එහි මුළු වටිනාකම් රුපියල් ලක්ෂ 20,40,000කි. විශ්වවිද්‍යාල දරුවන් 33දෙනෙකු සඳහා ද රුපියල් ලක්ෂ 26,42,000ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමේ. මීට අමතර ව රුපියල් ලක්ෂ 14,40.000ක් වටිනා ශිෂ්‍යත්ව 120ක් පිරිනැමේ.
     
    ශිෂ්‍යත්ව පිරිනැමීමට අමතර ව ආබාධිත රණ විරුවන් 87දෙනෙකු සඳහා ත්‍රී රෝද රථ ප්‍රදානය, රණ විරු ගම්මාන 17ක පුස්තකාල සඳහා අවශ්‍ය පොත් ලබාදීම, 13දෙනෙකු සඳහා නිවාස ණය ප්‍රදානය, 06දෙනෙකු සඳහා නිවාස ආධාර ප්‍රදානය, 05දෙනෙකු සඳහා වෛද්‍ය ආධාර ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya