අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    නොවැම්බර් 13, 2014

    ජාතික නැටුම්/ සංගීත විභාගය - 2014 (ලිඛිත) විභාගය ලබන 29 දින දිවයින පුරා මධ්‍යස්ථානවල පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සඳහා අයදුම්කරුවන් 16,773 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

    රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විධායක නිලධර ගණයේ I පන්තියේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2012 (2014) ලබන 29 වෙනි විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනු ඇත.

    සහකාර නේවාසිකාගාර පාලක / පාලිකා සහ සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරී/ නිවාසාධිකාරිනී තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014ත් ලබන 29 වන දින කොළඹදී පමණක් පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 1,652ක් පෙනී සිටීමට නියමිතය.

    ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන සේවයේ (විශේෂ සේවක සංඛ්‍යාවේ) III වන පන්තියේ උපදේශක තනතුරු සඳහා බඳවා ගැනීමේ තරග විභාගය - 2014 ලබන 30 දින කොළඹදී පමණක් පැවැත්වෙන බවත් අයදුම්කරුවන් 2,360 දෙනෙකු මේ විභාගයට පෙනී සිටින බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya