අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරිටේනියා ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක Featured

    නොවැම්බර් 13, 2014
    මොරිටේනියා ජනාධිපති මොහොමඩ් ඔවුල්ඩ් අබ්දෙල් අසිස් මැතිතුමා ජී - 20 සමුළුවට සහභාගිවීමට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරට යන අතරවාරයේ දී අද (13) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
     
    අප්‍රිකානු රටවල් 15ක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ශ්‍රී ලංකාව නිල වශයෙන් මොරිටේනියාව සමඟ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා 2012 වසරේ දෙසැම්ර්බර් 21වන දින ආරම්භ කළේය. ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මොරිටේනියාවේ තානාපති කාර්යාලය ලෙස ද සමඟාමී ව ක්‍රියා කරයි.
     
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2012 සහ 2013 වර්ෂ සැසිවල දී මොරිටේනියා රජය විසින් ශ්‍රී ලංකාවට සහය පළ කරන ලදී.
     
    ශ්‍රී ලංකාව හා මොරිටේනියාව ජී-77 සහ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සාමාජිකයන් වේ. අප්‍රිකානු සංගමයේ සභාපති ලෙස 2014 ජනවාරි මාසයේ සිට ජනාධිපති අබ්දෙල් අසිස් මැතිතුමා ක්‍රියාකරයි. 
     
    2014 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවට ද එහි පිළිගත් සාමාජික වරම හිමිවිය. මේ වන විට ශ්‍රී ලංකාව අප්‍රිකානු රටවල් 42ක් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගෙන ඇති අතර මහද්වීපයේ රටවල් 6ක නේවාසික තානාපති කාර්යාල පිහිටුවා ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya