අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළු රයිනෝ පැටවා 20දා සිට මහජන ප්‍රදර්ශනයට

    නොවැම්බර් 13, 2014
    දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දී ඔක්තෝබර් 07 වැනි දා උපත ලැබූ දුර්ලභ කළු රයිනෝ පැටවා ලබන 20දා සිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර ඩී සිල්වා මහතා පැවසීය.
     
    සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ 2007 වසරේ දී ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් දැනට වයස අවුරුදු 12ක් පමණ වයසැති කෝසල සහ වයස අවුරුදු 15 ක් පමණ වන අනුලා යන අප්‍රිකන් කළු රයිනෝසිරස් යුවළට දාව මේ පැටවා උපත ලබා ඇත.
     
    වඳ වී යාමේ දැඩි අවදානමකට ලක් වූ විශේෂයක් ලෙස මෙම කළු රයිනෝ සතුන් හඳුනාගෙන ඇත. ලොව පුරා කළු රයිනෝ සතුන් වාර්තා වන්නේ 1000 -1500ක් අතර සංඛ්‍යාවක් බවද වාර්තා වේ.
     
    අධ්‍යක්ෂ ජනාරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya