අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු නාවික යාත්‍රා දෙකක් කොළඹ වරායට

    නොවැම්බර් 12, 2014
    කොරියානු රජයට අයත් Choi Young & Cheonji නාවික යාත්‍රා දෙකක් ඊයේ (11) කොළඹ වරායට පැමිණ ඇති අතර එහිදී මෙම යාත්‍රා දෙක නාවික හමුදා චාරිත්‍රානුකූලව පිළිගන්නා ලදී. 
     
    රියර් අද්මිරාල් Chun Jungsoo මහතා මෙම නාවික යාත්‍රා දෙකෙහි අණදෙන නිලධාරිවරයා වශයෙන් කටයුතු කරයි.
     
    මෙහිදී කොරියානු අණදෙන නිලධාරීවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිස නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතා මහතා විසින් සුහද ලෙස පිළිගන්නා ලදී.
     
    මෙම අවස්ථාව සනිටුහන් කරමින් සිහිවටන තිළිණ හුවමාරු කරගැනීම ද සිදු විය.
     
    Choi Young නෞකාව මීටර් 149.5ක දිගින් යුතු වන අතර කාර්යමණ්ඩලය 227කින් සමන්විත වේ. Cheonji නෞකාව මීටර් 134 දිගින් යුතු වන අතර  කාර්යමණ්ඩලය 134 දෙනෙකි.
     
    මෙම නෞකා දින 96ක් තුළ රටවල් දොළහක් වෙත ගමන් කරනු ඇත. මෙම කාලය අතරතුරදී මොවුන් පැමිණි 6වැනි රට ශ්‍රී ලංකාව වේ.  මොවුන් 13දා දක්වා දිවයිනේ රැඳී සිටිනු ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya