අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

    නොවැම්බර් 12, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (12) වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ බටහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට උදෑසන වැසි සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    අනුරාධපුරයට මහනුවරට නුවරඑළියට රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ත්‍රිකුණාමලයට  මඩකළපුවට යාපනයට මන්නාරමට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 20.6ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 21.4ක වර්ෂාපතනයක් හම්බන්තොටින් ද මි.මී. 19.3ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 17.6ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 16.9ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද මි.මී. 16.0ක වර්ෂාපතනයක් පුත්තලමින් ද මි.මී. 8.2ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 10.9ක වර්ෂාපතනයක් මත්තලින් ද  වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.3°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.5°C නුවරඑළියෙන් ද මි.මී. 44.5ක උපරිම වර්ෂාපතනය සියඹලන්ගමුව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC



    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya