මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට වෙනත් සුදුස්සෙකු නෑ

    නොවැම්බර් 11, 2014
    මැතිවරණයක් තිබුණත් නොතිබුණත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට වත්මන් ජනාධිපතිතුමා හැර වෙනත් සුදුස්සෙකු නොවන බව සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    වත්මන් ජනාධිපතිවරයා හැර රටක් පිළිගත්, ජනතාව වැළඳගත්, ජනතාවට සේවය කළ වෙනත් නායකයෙකු නොවන බවත් පෙන්වා දුන් සෙනවිරත්න අමාත්‍යවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවන බවත් පෙන්වා දුන්නේය.
     
    අන්තවාදීන්ට අවශ්‍ය දේ රට තුළ ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනාධිපතිවරයා බලයේ සිටි නිසා හැකියාවක් නො වූ බවත් එය තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් ලාංකිකයන් වශයෙන් එයට විරුද්ධව පෙළ ගැසිය යුතු බවත් ප්‍රකාශ කළේය.
     
    වත්මන් ආණ්ඩුවේ පාලන කාලය තුළ සිදු කළ ව්‍යාපෘති පිළිබඳ ව මෙන් කළ සංවර්ධනයන් පිළිබඳ ව කතා කොට අවසන් කළ නොහැකි යැයි කී අමාත්‍යවරයා නායකයන් නිසා ඉතිහාසයේ ඇති වූ අමිහිරි අත්දැකීම් තමන් සතු වන බවත් වැඩිදුරටත් කීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya