මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ශ‍්‍රී ලංකාව විදෙස් සංචාරකයන්ගේ, ආයෝජකයන්ගේ සහ ලොව බලවතුන්ගේ විශේෂ අවධානයට ලක්වෙලා

    සැප්තැම්බර් 28, 2014

    රටේ පවතින සාමකාමී වාතාවරණයත්, යටිතල පහසුකම්වල දියුණුවත් නිසා ලෝකයේ සංචාරකයන්ගේ, ආයෝජකයන්ගේ සහ බලවත් රාජ්‍ය නායකයන්ගේ නිරතුරු අවධානය ශ‍්‍රී ලංකාව කෙරෙහි යොමුව ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.


    ආසියාතික රටවල් අතුරින් දින තුන්සිය හැට පහේ ම පැය විසිහතර පුරා අඛණ්ඩ ව විදුලිය ලබාදෙන එකම රට ශ‍්‍රී ලංකාවයි. එමෙන් ම ලෝකයේ පවතින ඉතා නවීන ම ආකාරයේ යටිතල පහසුකම් ලංකාව තුළ පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ හේතුවෙන් විදෙස් ආයෝජකයන් රැසක් මේ වන විට ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට ඉදිරිපත්වී ඇති බව පැවසීය. රටේ පවතින මෙම සම්පත් විදෙස් ආයෝජකයන්ට වඩා දේශීය ආයෝජකයන් ප‍්‍රයෝජනයට ගනිමින් ඒවා භුක්තිවිඳිනු දැකීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

     

    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා සණස ව්‍යාපාරය මඟින් ඉදිකරන ලද ඒකල සණස ඔරෙක්ස් සිටි වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරු ව පැවති උත්සවයට සහභාගී වෙමිනි. 


    කඩ කාමර 512කින් සමත්විත මෙම වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 1200කි. 

     

    "යම්කිසි ව්‍යාපාරයකට නැත්නම් වැඩපිළිවෙළකට අවශ්‍ය සාර්ථක අංග සියල්ලක් ම සණස ව්‍යාපාරය ලබාගෙන තිබෙනවා. සණස ව්‍යාපාරය හොඳ දැක්මක්, ප‍්‍රතිපත්ති මාලාවක්, සැලැස්මක් වගේ ම හොඳ සාමාජික පිරිසකගෙන් පිරුණු ආයතනයක්. සණස සමඟ එක්වෙලා සිටින්නේ යම් මුදලක් ඉතුරු කරගත්තු ඒ මුදල් විශ්වාසවන්ත තැනක ආයෝජනය කරන්න අපේක්‍ෂා කරන පිරිසක්. ඉතින් ඒ ජනතාවගේ විශ්වාසය දිනාගන්න සණසට හැකි වෙලා තිබෙනවා. අපි දන්නවා මේ රටේ ආයෝජන කරන්න බියක් සැකක් තිබුණු යුගයක් තිබුණා. දැන් ඒ තත්ත්වය නිමා කරලයි තිබෙන්නේ. අපේ රටේ යම් මුදලක් ඉතුරු කර ගත් ජනතාව සිත් ඇදගන්නා දැන්වීම්, පෙළඹවීම් සහ වැඩි පොලිය කෙරෙහි ඇදී ගොස් අපහසුතාවට පත්වෙච්ච අවස්ථා අද, ඊයේ පමණක් නොවෙයි අතීතයේත් තිබුණා . 

    රජය පෞද්ගලික අංශය ශක්තිමත් කරන්න විශාල වැඩ කොටසක් කළා. අපි දන්නවා ඉස්සර විදුලිය ලබාගන්න ගියා ම හරි අපහසුයි. ඒක ලබා ගන්නත් තල්ලුවක්  ඕනෑ. ඒ තරම් විදුලිය හිඟයි. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙන්නේ. අපි නව විදුලි බලාගාර හදලා, විදුලිය උත්පාදනය කරලා, බෙදාහැරීම කඩිනම් කරලා මුළු පැය විසි හතර පුරා ම අඛණ්ඩ ව විදුලිය ලබා දෙනවා වගේ ම අඩුවටත් විදුලිය ලබා දෙනවා" යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

    මෙම අවස්ථාවට අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, බස්නාහිර පළාත් සභා සහ ජාඇළ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් පිරිසක් ද සණස ව්‍යාපාරයේ නායක ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා ඇතුළු සණස ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් ද සහභාගී වූහ.

    NDH/KT

    05

     

     

    12

     

    24

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya