මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අවදානම ගැන අනතුරු අඟවයි Featured

    සැප්තැම්බර් 28, 2014

    දැනට පවතින අයහපත් කාලගුණය ඉදිරි පැය 24 තුළත් පවතින ලකුණු ඇති හෙයින් නාය යෑමේ, ගල් පෙරළීමේ හා කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳව ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, නායයෑමේ පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය පවසයි.


    දිස්ත්‍රික්ක තුනක් සඳහා අද පස්වරු 5.00ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීම අනුව එවැනි අවදානම් සහගත තත්ත්වයන් ඇති විය හැකි ප්‍රදේශ ලෙස නම් කර ඇති ප්‍රදේශ මෙසේය.


    කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කඳු බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග.

    මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කඳු බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග.

    මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කඳු බෑවුම්, කණ්ඩි සහිත ප්‍රදේශ සහ මාර්ග.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya