මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් පස්වරුවේ දිවයින පුරා ම වැසි හෝ ගිගුරුම් සහිත වැසි Featured

    සැප්තැම්බර් 28, 2014

    අද (28) අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයින පුරා ම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව උතුරු පළාතේ සහ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ත්‍රිකුණාමලයට යාපනයට මන්නාරමට අනුරාධපුරයට මඩකළපුවට නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    ගාල්ල සහ කොළඹට උදෑසන කාලයේ වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 8.30 වනවිට මි.මී. 18.1ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 10.1ක වර්ෂාපතනයක් පොතුවිල් ද මි.මී. 31.5ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 28.8ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 28.9ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 58.9ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.5°C පොලොන්නරුව සහ වවුනියාව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.9°C නුවරඑළියෙන් ද මි.මී. 113.0ක උපරිම වර්ෂාපතනය මාතලේ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya