අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවිකයන් 358 දෙනෙක්‌ විසිර යති Featured

    සැප්තැම්බර් 22, 2014

    ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 217 වැනි බඳවා ගැනීමට අයත් නාවිකයන් 358 දෙනකු සිය මූලික පුහුණුව නිමකොට විසිර යෑමේ පෙළපාළිය ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පෙරේදා (20) පැවැත්විණි.


    විසිර යෑමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වයඹ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය.

     

    උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මුදිත ගමගේ, ශ්‍රීලංනානෞ ශික්‍ෂා ආයතනයේ ආඥාපති කොමදෝරු ලලිත් දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවික නිලධාරීන් රැසක්‌ ද ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස්‌ නිලධාරීන් මෙන් ම විසිර ගිය නාවිකයන්ගේ දෙමාපියෝ ද මෙම උත්සවයට සහභාගි වී සිටියහ.


    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya