අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාල දිවයින් ජනපති හා සෞඛ්‍ය ඇමති අතර හමුවක් Featured

    සැප්තැම්බර් 22, 2014

    ශ‍්‍රී ලංකාව හා මාල දිවයින අතර ද්විපාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් මැතිතුමා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. 


    එහිදී මාල දිවයින් ජනාධිපතිතුමා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලේදී මුණගැසුණි.

     

    එහිදී දෙරට අතර සෞඛ්‍ය සේවාවන් පිළිබඳ ව සහ ශ‍්‍රී ලංකාවේ දැනට ක‍්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් කෙරිණි. එහිදී අදහස් දැක් වූ මාල දිවයින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ආසියානු කලාපයේ තිබෙන හොඳ ම සෞඛ්‍ය සේවාව බවයි. 

     

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිළිබඳ ව වඩාත් ඉහළින් අගය කළ ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ එරට දැඩිසත්කාර ඒකකවල දැඩි අඩුපාඩුවක් ව පවතින පුහුණු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් එරට දැඩි සත්කාර ඒකක සඳහා ලබාදීමට හැකි නම් එය මාල දිවයින්හි සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීමට මහෝපකාරී වන බවයි. ලංකාවේ පෞද්ගලික රෝහල් වන නවලෝක හා ලංකා රෝහල හා මාල දිවයින් පෞද්ගලික රෝහල් අතර රක්ෂණ ක‍්‍රමවේදයක් යටතේ රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාම පිළිබඳ ව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. 

    සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේ ආසියානු කලාපයේ සෞඛ්‍ය දත්ත ගත් කළ ශ‍්‍රී ලංකාව ඉතාම ඉදිරියෙන් සිටින බවයි. මෙයට හේතුව නම් මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඇති කැපවීම, පුහුණුව හා ශ‍්‍රී ලංකා රජය සෞඛ්‍ය සේවාවට ප‍්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කිරීම නිසා බව ද ඉහත ඉල්ලීම් සම්බන්ධ ව ඉදිරියේ දී අවශ්‍ය කටයුතු කඩිනමින් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවයි. අවශ්‍ය සෑම අවස්ථාවක ම මාල දිවයින් රජයේ සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සඳහා ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදෙන බව ද ඔහු පැවසීය.

     

    මෙම අවස්ථාවට මාල දිවයින් ජනාධිපති කාර්යාලය නියෝජනය කරමින් Mohomed Hussain Shareef මාල දිවයින් ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් Zahiya Zareer මාල දිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගිවිසුම් පිළිබඳ ප‍්‍රධානී Hussain Niyaaz සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. 



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya