අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් කුඹුරු ඉඩම් වගා කිරීමට අයිතිකරුවන් වෙත Featured

    සැප්තැම්බර් 22, 2014

    මුලතිව් ආරක්ෂක සේනා බලප්‍රදේශය තුළ ස්ථාපිත ගුවන් හමුදා කඳවුරට සහ ඒ හා යාබද කුඹුරු ඉඩම් වගා කිරීමේ කටයුතු සඳහා එහි අයිතිකරුවන් හට බෙදාදීමේ උත්සවයක් වාවඩ්ඩිකුලම් වැව අසල දී පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්විණ.


    කුඹුරු අක්කර 93ක් හිමිකරුවන් 24 දෙනෙකු හා ජංගන්කුලම් කුඹුරු ඉඩම් අක්කර 79ක් හිමිකරුවන් 36 දෙනෙකු අතර ද පිරම්මඩු කුඹුරු ඉඩම් අක්කර 28.5ක් හිමිකරුවන් 10 දෙනෙකු අතර ද බෙදා දුන්හ. එම ඉඩම් හිමිකරුවන් වෙත බෙදාදීම මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


    මෙම අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම්, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති, 59 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන් ම සිවිල් වැසියෝ විශාල පිරිසක් එක් ව සිටියහ.

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya