අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය ඉතා ඈත අතීතයට විහිදෙන්නක්

    සැප්තැම්බර් 22, 2014


    “අපි කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාවේ සහ චීනයේ මිත්‍රත්වය ඉතා ඈත අතීතයට විහිදී යනවා. අපිට මතකයි චීනයේ පාහියන් භික්ෂුව ශ්‍රී ලංකාවට පැමිණිලා අපගේ ධර්ම ග්‍රන්ථ පරිවර්තනය කරලා විශාල සේවයක් කළා.  අපගේ රට ගැන එදා තොරතුරු ග්‍රන්ථවල සටහන් කරලා ලෝකයා හමුවට ඉදිරිපත් කළා.

    එය ඉතා ඓතිහාසික බැඳීමක්. ශක්තිමත් බැඳීමක්. ඒ බැඳීම තවදුරටත් ශක්තිමත් කරමින්, වර්තමාන චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් මැතිතුමා ද ලංකාවට පැමිණ එය තවදුරටත් ශක්තිමත් පවුරක් ලෙස ගොඩ නැගුවා”.

    අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා මෙම අදහස් පළ කළේ පසුගියදා චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ චීනයේ ලෝක උරුම නගරයක් වූ ටියෑන්ජින් නගරයේ උරුමය පිළිබඳ “Memory of Tianjin”  නමැති ප්‍රදර්ශනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවය සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති, සංස්කෘතික ලේකම් ෂින්ග් ටීන්ග් ඇතුළු චීන සහ ශ්‍රී ලංකා නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.


     මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ,  “මෙම සංස්කෘතික ප්‍රදර්ශනය මගින් අප දෙරටේ බැදීම් තවත් ශක්තිමත් වුණා. චීනයේ ටියෑන්ජින් නගරය ප්‍රසිද්ධ සහ ඓතිහාසික නගරයක්. ඔපෙරා නාට්‍යයේ තොටිල්ල ලෙසිනුත් හඳුන්වනවා. මේ ප්‍ර‍දර්ශනය මගින් ටියෑන්ජින් නගරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අපට හැකි වුණා. දැන් අප බලාපොරොත්තු වෙනවා දෙරටේ සංස්කෘතික හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. ඒ තුළින් අප දෙරටේ මිතුදම තවදුරටත් වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වෙනවා”.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya