අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ICAPP සම්මේලනයට පැමිණි විදේශ දූත පිරිස ගාල්ලේ සංචාරයක

    සැප්තැම්බර් 22, 2014

    8 වැනි 2014 අන්තර්ජාතික ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනයේ (International Conference on Asia Political Parties – ICAPP) උත්සවයට පැමිණි විදේශ දූත පිරිස මෙරටින් පිටත් ව යාමට පෙර ගාලු පුරවරයේ සංචාරයක ඊයේ (21) නිරත වූහ.


    ගාලු කොටුවේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය අසලදී මෙම දූත පිරිස පිළිගනු ලැබූයේ සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය යන මහත්ම මහත්මීහු විසිනි.


     විදේශ දූත පිරිස අතර සිටි ඉන්දීය ජනතා භාරතීය පක්ෂයේ ජාතික ලේකම් ජෙනරාල් මුලරිදාර් රාඕ පැවසුවේ, මීට වසර පහකට පෙර තමා ලංකාවට පැමිණෙන විට පැවති තත්ත්වයට වඩා අද ලංකාව ඉතා දියුණු මට්ටමක පවතින බවත්, ලංකාවට උදා වූ සාමය සමඟ මෙම තත්ත්වය ඇති වී ඇති බවත් ය.
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැවසුවේ, ලංකාවේ පවතින සංවර්ධනය සියැසින් දැක ගැනීමට මෙම විදේශ දූත පිරිසට මෙම ගමනේ දී හැකි වූ බවයි.



    ECB/GN_dmu_Galle

    galle

    galle2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya