අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර රටවල් හිතාගෙන ඉන්නේ දෙවන මනාපය ගණන් කර රට අරාජික කිරීමටයි Featured

    සැප්තැම්බර් 22, 2014

    ජනාධිපතිවරණයකදී ජනතාව ඡන්දය නිකරුණේ භාවිත කරන්නේ නැති බවත් බටහිර රටවල් හිතාගෙන ඉන්නේ දෙවන මනාපය ගණන් කර රට අරාජික කිරීමට බවත් ඒ දේ කරන්න ඉඩ නොතබන බවත්  ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.


    මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබෙනවා. නියඟය, සජිත් රනිල් අතට අත දීලා ඡන්දය දිනන්න තුරුම්පු ගැහුවා. බදුල්ල දිනුව ද නැහැනේ. 29 වෙනි පරාජය ලැබූ එජාපය පොඩි නැග්මකින් සතුටින් උද්දාමයට පත්වෙලා. ජේවීපීය දකුණින්, බස්නාහිරින් පෙන්නපු දේ ඌවෙන් පෙන්නුවේ නැහැ. ජේවීපීය මෙවර ලබා ගත් මන්ත්‍රී ආසන 02 මීට අවුරුදු 10කට පෙරත් තිබුණා. රටේ පින්තූරය බලන්න මේ සියලු ඡන්ද එකට එකතු කර බැලිය යුතුයි. ජනාධිපතිවරණයකදී ජනතාව ඡන්දය නිකරුණේ භාවිත කරන්නේ නැහැ. බටහිර රටවල් හිතාගෙන ඉන්නේ දෙවන මනාපය ගණන් කර රට අරාජික කරන්න. ඒ දේ කරන්න ඉඩ දෙන්නේ නැහැ" යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

    වීරවංශ මහතා මේ බව පැවසුවේ අද (22) පෙරවරුවේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. 

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "ජාතික නිදහස් පෙරමුණ ගියවර නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී ත්‍රිකුණාමලයට තරග කර ඡන්ද 9522ක් ගත්තා. එය ප්‍රතිශතයක් ලෙස 6.24%කි. ජේ.වී.පී.ය ලබා ගත්තේ ඡන්ද 774කි. එය ප්‍රතිශතයක් ලෙස 0.51%කි. බදුල්ල මැතිවරණයේදී අපේ පක්ෂයේ ප්‍රකට කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා ඡන්ද ගත හැකි වුණේ 5000කට ආසන්න ප්‍රමාණයකි. 2015 වන විට අපේ පක්ෂයට වයස අවුරුදු 06යි. නමුත් ජනතා විමුක්ති පෙරමුණට වයස අවුරුදු 50ක් වෙනවා. එහෙම බලන කොට ඉදිරියේදී අපේ පක්ෂයේ වර්ධනයක් සිදු කර ගත හැකියි.

    එජාපය හරි සතුටින් ඉන්න බව පෙන්වනවා. මෙහෙ ම පරාජය වී සතුටින් ඉන්න එක ගොඩක් හොඳයි. ආණ්ඩුව ඡන්දයට පෙර කිව්වේ ලොකු රාජපක්ෂ පරාජය කරන්න පෙර පොඩි රාජපක්ෂ පරාජය කර පෙන්වන ලෙසයි. එජාපය කිව්වේ හවුල් ආණ්ඩුවක් බිහිකරන බව. හරීන්ට බදුල්ලවත් දිනාගන්න බැරි වුණා. ජේවීපීය කිව්වා ඔවුන් තීරක බලවේගය බව. නමුත් ඔවුන්ට ගන්න හැකි වුණේ මන්ත්‍රී ආසන 02ක් පමණයි. නමුත් ආණ්ඩුව කිව්වේ අප දිනනවා කියලා. ඒ විදිහට ම දිනුවා.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya