අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 32 වෙනි සැසිවාරය සාර්ථක ව අවසන් Featured

    සැප්තැම්බර් 22, 2014

    බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවැති සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 32 වෙනි සැසිවාරය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය සඳහා වන කලාපීය කමිටුවේ 67 වන සැසිවාරය සාර්ථක ව අවසන් වෙයි.

    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවැති සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 32 වෙනි සැසිවාරයේ දී සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපය සඳහා වන කලාපීය කමිටුවේ 67 වන සැසිවාරයේ දී ශ‍්‍රී ලංකාව නියෝජනය කරනු ලැබීය.

    මෙහි සමාරම්භක උත්සවය බංග්ලාදේශ අගමැතිනී ෂික් හසීනා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. මෙම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 32 සැසිවාරය සඳහා බංග්ලාදේශය, භූතානය, උතුරු කොරියාව, ඉන්දියාව, මාල දිවයින, මියෙන්මාරය, නේපාලය ආදී සාමාජික රටවල අමාත්‍ය මට්ටමින් ද තායිලන්තය හා ඉන්දුනීසියාව යන රටවලින් ජ්‍යේෂ්ඨ උපදේශන මට්ටමින් ද නියෝජිතයෝ සහභාගී වූහ. 

    සෑම උපතක් ම සහ මරණයක් ම ආවරණය කිරීම, පුද්ගල ලියාපදිංචිය හා ජීව සංඛ්‍යා වැඩිදියුණු කිරීම, සාම්ප‍්‍රදායික ඖෂධ, හදිසි හා අත්‍යවශ්‍ය ශල්‍ය සත්කාර සහ සමස්ත සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ආවරණය කිරීමේදී එක් කොටසක් ලෙස සංජනන හැකියාව ශක්තිමත් කිරීම, වෛරස් සෙංගමාලය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අධ්‍යාපනය හා පුහුණු කිරීම් ශක්තිමත් කිරීම පිළිබඳ සහ කලාපීය උපක‍්‍රම ආදී කලාපයට අදාළ වැදගත් වූ කරුණු කිහිපයක් පිළිබඳව කලාපීය කමිටුවේ 67 වන සැසිවාරයේ දී සාකච්ඡා කෙරිණි.

    කලාපය තුළ වාහකයන් මඟින් බෝවන රෝග මර්දනයට හා තුරන් කිරීම සඳහා පියවර විස්තරාත්මකව දක්වා ඇති වාහකයින්ගෙන් බෝවන රෝග පිළිබඳ ඩකා ප‍්‍රකාශය මෙම රැස්වීම්වල ප‍්‍රතිඵලය ලෙස  පිළිගැනිණි. මැලේරියාව, ඩෙංගු සහ බරවා වැනි වාහකයන් මඟින් බෝවන රෝගවලට එරෙහි ව ක‍්‍රියාකිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී අවධාරණය කරන ලදී. 

    දින 04ක දීර්ඝ රැස්වීම අතරතුර ඉබෝලා වෛරසය පිළිබඳ අතිරේක සැසියක් ද මෙහිදී පැවැත්වුණි. ඔටිසම් රෝගය පිළිබඳ විශේෂ සැසියක දී බංග්ලාදේශයේ ඔටිසම් පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ සභාපති සහ අගමැතිනි ෂික් හසීනා මහත්මියගේ දියණිය වන Ms. Saima Wazed Hossain විසින් අග්නිදිග ආසියානු කලාපයේ Autism Spectrum Disorders (AsDs) නම් රෝග තත්ත්වයෙහි පවතින අභියෝග ජයගැනීම සඳහා ගෝලීය වශයෙන් මුල් පියවරක් තැබුවාය. 

    මානසික සෞඛ්‍ය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියක වන ඇය ඔටිසම් රෝගය මර්දනය සඳහා දරනු ලැබූ ප‍්‍රයත්නයන් අගය කරනු වස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශිෂ්ටතා සම්මානයෙන් පුදනු ලැබිණ. 

    ඩකා සංචාරය අතරතුර ශ‍්‍රී ලංකාව නියෝජනය කළ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා සහ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අදාළ ගැටලු රැසක් පිළිබඳ ව සාකච්ඡා කළ අතර පොදු අභියෝග ජය ගනු වස් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය. 

    නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා Essential Drug Company Ltd ඖෂධ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ද හමු වූ අතර එහිදී 2014 ජූනි 23 දින ඩකා නුවරදී අත්සන් තැබූ බංග්ලාදේශය හා ශ‍්‍රී ලංකාව අතර ඖෂධ හා වෛද්‍ය උපකරණ ප‍්‍රසම්පාදනය පිළිබඳ අවබෝධතා ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ව කරුණු ද සාකච්ඡා කළේය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya