අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව්බිමට ආදරය කරන සැමගේ උපහාරය ඌවේ බුද්ධිමත් ජනතාවට හිමිවෙනවා

    සැප්තැම්බර් 22, 2014

    විවිධ බලවේග මගින් රට අස්ථාවර කරමින් සාමයෙන්, සතුටින් සිටින ශ්‍රී ලංකික ජනතාව නැවතත් නොයෙකුත් පීඩාවන්ට ගොදුරු කිරීමට ඇතැම් පිරිස් පසුගිය ඌව පළාත් සභා මැතිවරණය යොදා ගැනීමට උත්සහ කළ බවත්, එවැනි සියලු පටු අරමුණු පරාජය කරමින් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ගේ රට සංවර්ධනය කරන සටනට ආශිර්වාදය ලබා දුන් ඌවේ බුද්ධිමත් ජනතාවට මව්බිමට ආදරය කරන සැමගේ උපහාරය හිමි වන බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි. 

    පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ නොයෙකුත් පක්ෂ හා පුද්ගලයන් කුමන මත දැරුවද නියම ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් බව ද, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය මගින් පවසන ආකාරයට ඔවුන් ජයග්‍රහණය කළේ නම් ඌව පළාත් සභාවේ බලය සන්ධානයට හිමි වූයේ කෙසේදැයි අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා එම පක්ෂවලින් විමසයි. 

     

    ඌව පළාත් සභා ප්‍රතිඵල පිළිබඳ ව තවදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පැවසුවේ, “මෙය නියම ජනතා ජයග්‍රහණයක්, රට බේරාගත් අභීත නායකයාණන් වූ මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ගේ සහ එම රජයේ ජයග්‍රහණයක්. බහුතර ජනතාවගේ කැමැත්ත රජය වෙත තිබිය දී තමන් ජයගත් බව පැවසීම එජාපය ජන්මයෙන් ලද “බොරු කීම” නමැති නරක පුරුද්ද නැවතත් සිදුකිරීමක්.


    ජනාධිපතිතුමන් එජාපයට උපදෙස් දුන්නා ඡන්දය දිනන්න නම් ජනතාවට ඇත්ත ප්‍රකාශ කරන්න කියා. නමුත් එජාපය නැවතත් ඒ වරදම කළ නිසා සුපුරුදු පරාජය ම අත්වුණා. පරාජය බලාපොරොත්තුවෙන් සහ පරාජයෙන් සැනසෙන ලෝකයේ එක ම විපක්ෂය අපේ රටේ විපක්ෂයයි. ”

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya