අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භීෂණයන් මවා පාමින් මොනරාගල ජනතාවට කැළලක් ඇති කිරීමට උත්සහ කළ පක්ෂවලට ඡන්ද ප්‍රතිඵලවලින් නිසි පිළිතුරු

    සැප්තැම්බර් 22, 2014

    කළගුණදත් ජනතාවක් බවට යළි යළිත් තහවුරු කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුන් මොනරාගල දිස්ත්‍රික් ජනතාවට සිය ප්‍රණාමය පුදකර සිටින බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.


    1994 සිට පැවැති සෑම මැතිවරණයකදී ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානට ජයග්‍රහණය ලබා දෙමින් තැබු වාර්තාව මෙවරද රැක ගැනීමට වෙල්ලස්සේ ජනතාව සමත්ව ඇති බවද හෙතෙම කීවේය.


    විවිධ කටකතා හා භීෂණයන් මවා පාමින් මොනරාගල ජනතාවට කැළලක් ඇති කිරීමට උත්සහ කළ පක්ෂවලට හා පුද්ගලයින්ට ඡන්ද ප්‍රතිඵලවලින් නිසි පිළිතුරු ලබා දී ඇති බවත් මෙම ප්‍රතිඵල දිහා බලා හෝ ඉදිරියේදීවත් එවැනි බොරු ප්‍රචාර සිදු නොකරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කියා සිටියේය.


    දුප්පත් දිස්ත්‍රික්කයක් ලෙස හංවඩු ගසා තිබූ මොනරාගල දිස්ත්‍රික්කයට සැබෑ සංවර්ධනයක් ලබා දීමට වත්මන් රජය සමත් වු බව පැවසු අමාත්‍යවරයා ඉදිරියේදීද දැවැන්ත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් වෙල්ලස්සේ ජනතාවට ඇති අනෙකුත් අවශ්‍යතාවන්ද කඩිනමින් විසඳීමට පියවර ගන්නා බව පුෂ්පකුමාර මහතා පැවසීය.



    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, “සමහරු කිය කියා ගියා වත්මන් රජය වෙල්ලස්සේ ජනතාවට කිසි ම දෙයක් කරලා නැහැ. ඒ නිසා දුප්පත්කම වැඩි වෙලා කියලා. ඒ නිසා රජය මේ සැරේ පාඩමක් ඉගෙන ගන්නවා කියලා. හැබැයි මෙහෙම කිව්ව කිසි ම කෙනෙක් වෙල්ලස්සට ඇවිල්ලවත් ජනතාවගේ හද ගැස්ම, හැඟීම් තේරුම් ගෙනවත් නෙවෙයි මේ දේවල් කිව්වේ. ඒ නිසා ඒ අය කියපු දේවල්වලට අපිට ඇති වුණේ කනගාටුවක් විතරයි. අද මොනරාගල දිස්ත්‍රික් ජනතාව ලබා දුන් ඡන්ද ප්‍රතිඵලවලින්වත් මේ අය සැබෑ තත්ත්වය තේරුම් ගනීවි. තවත් ජනතාව මුලා කරන්න බැහැ කියලා තේරුම් ගනීවි.


    විශේෂයෙන් එක් දෙයක් කිව යුතුයි. අපි සංවර්ධනයන් කරේ මැතිවරණ ඉලක්ක කර ගෙන නෙවෙයි. සංවර්ධනයන් කරන්න එපා කියලා විපක්ෂය කියද්දි අපි ජනතාව වෙනුවෙන් වැඩ කළා. ඒ වැඩ ඉදිරියටත් අපි කරනවා. ඒ කරන කිසි ම සංවර්ධනයක් පාට පක්ෂ හෝ අපිට ඡන්දය දුන් නුදුන් අය කියා තෝරා බේරා කරන්නේ නැහැ. සියලු ම දෙනාට ම එකසේ සංවර්ධනයක් ලබාදෙන බවද හෙතෙම කීවේය.”

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya