අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟය පවතින ප්‍රදේශවලට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි Featured

    සැප්තැම්බර් 22, 2014

    අද (22) නියඟය පවතින ප්‍රදේශවලට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර තත්ත්වයන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි  වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ අනෙක් පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    යාපනයට හා මන්නාරමට වැසි ස්වල්පයක් ඇතිවිය හැක.


    අනුරාධපුරයට ත්‍රිකුණාමලයට මඩකළපුවට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 8.30 වනවිට මි.මී. 4.1ක් වර්ෂාපතනයක් ත්‍රිකුණාමලයෙන් ද මි.මී. 2.8ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද‍ වාර්තා වී තිබේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.2°C ත්‍රීකුණාමලය ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද මි.මී. 1.0ක උපරිම වර්ෂාපතනය කැනියොන් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya