අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    සැප්තැම්බර් 17, 2014

    විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වන විභාගය - 2014 (සාමාන්‍ය පන්තිය) සඳහා වන විභාගය ලබන 23 වන දින කොළඹ දී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වන විභාගය - 2014 (නවක පන්තිය) විභාගය සැප්තැම්බර් 24 දිනත්,

    විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වන විභාගය - 2014 (උසස් පන්තිය) සැප්තැම්බර් 25 දිනත් කොළඹ දී පැවැත්වෙනු ඇත.

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2014) සැප්තැම්බර් 27, 28 හා ඔක්තෝබර් 04 දිනයන්හිදී කොළඹදී පමණක් පැවැත්වෙන බවත් මේ සඳහා අයදුම්කරුවන් 20,977 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya