අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළමා වැඩසටහන්වලදී ලෝක ළමා දින තේමාවට හා සංකේතයට ප්‍රමුඛත්වයක් දෙන්න

    සැප්තැම්බර් 17, 2014

    මෙරට ළමා පරපුර වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන්වලදී සහ ඒ පිළිබඳ ව සිදු කරනු ලබන ප්‍රචාරක කටයුතුවලදී “සෙනෙහස දී අප රකින්න” යන ජාතික තේමා පාඨයට හා සංකේතයට ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන ලෙස ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ඒ වෙනුවෙන් කැපවුණු සියලුම ආයතන සහ මහජනතාව වෙතින් ඉල්ලා සිටියි.


    2014  ඔක්තෝබර් ප‍ළමුවෙනි දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් මෙම ජාතික තේමාව තෝරාගෙන ඇති අතර, එමගින් දරුවකුගේ රැකවරණය සහ අභිවෘද්ධිය පරම වශයෙන් රඳා පවතින්නේ දෙමාපියන් ඇතුලු පවුල තුළ බවත්, විවේකය දරුවකුට අවශ්‍ය බවත් අවධාරණය කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.


    එම තේමා පාඨය ඇතු‍ළත් වර්ණ දෘශ්‍ය රූපය එම අමාත්‍යාංශය වෙතින් නොමිලේ ලබා ගත හැකි බවද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.
    “දියණිය ඔබයි අපේ අනාගතය” යන තේමා පාඨය ලබන ඔක්තෝබර් 11 දිනට යෙදෙන ගැහැනු දරුවාගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් තෝරා ගෙන ඇති බව ද  එම අමාත්‍යාංශය තවදුරටත් පවසයි.


     මේ පිළිබඳ වැඩිදුර විස්තර ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය. 05 වන මහල, සෙත්සිරිපාය, II අදියර, බත්තරමුල්ල යන ලිපිනයෙන් හෝ  (011 2187267 / 071 8245898) යන දුරකතන අංක ඔස්සේ ලබා ගැනීමේ හැකියාව ඇත.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya