අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු දේශපාලන පක්ෂයන්හි ජාත්‍යන්තර සමුළුව කොළඹදී

    සැප්තැම්බර් 17, 2014

    ආසියානු දේශපාලන පක්ෂයන්හි ජාත්‍යන්තර සමුළුව - 2014 (International Conference on Asia Political Parties – ICAPP) මෙම මස 18 දින සිට 21 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.

    මෙම සමුළුවට ආසියානු කලාපය නියෝජනය කරන රටවල් 32ක දේශපාලන පක්ෂ හා දේශපාලන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් 189 දෙනෙකු සහභාගී වීමට නියමිතය.

     

    කලාපීය වශයෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුවේදී විශේෂයෙන්ම ගෝලීය, ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා දේශපාලන වශයෙන් ඒ ඒ රටවල් ලබා තිබෙන ප‍්‍රගතිය පිළිබඳව අවධානයට ලක් කෙරේ.

     

    මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මස 19 වෙනි දින පෙ.ව.9.00ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

     

    මෙම සමුළුවට සමගාමීව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සියලු පක්ෂ දේශපාලන නියෝජිතයින් සහභාගීවන සැසිවාර කිහිපයක්ද පැවැත්වේ.

    MAP/cmu/dm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya