අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාටත්, රජයටත් යෝධ ශක්තියක් වුණේ මේ රටේ මහා සංඝරත්නයයි Featured

    සැප්තැම්බර් 17, 2014

    තිස් වසරක ත්‍රස්තවාදයෙන් මේ රට ගලවා සාමය ඇති කරන්න ජනාධිපතිතුමාටත්, රජයටත් යෝධ ශක්තියක් වුණේ මේ රටේ මහා සංඝරත්නය බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පැවසීය.

     

    තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, “මේ රටට විපතක් වුණ හැමවිටම පෙරමුණ ගත්තේ මහා සංඝරත්නයයි. අපේ ඉතිහාසයේ මේ සඳහා උදාහරණ ඕන තරම් තියෙනවා. එදා දුටුගැමුණු රජතුමාටත් රට එක්සේසත් කරන්න මහා ශක්තියක් වුණේ මහා සංඝරත්නයයි.” 

     

    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා මෙම අදහස් පළ කළේ, මාපාකඩවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ පැවති ජනහමුවේ දී ය. 

     

     පළමුව මහියංගන රජමහා විහාරය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා, විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ බැහැදැක සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, මහියංගන ප්‍රදේශයේ විහාරස්ථාන දාහතරක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී එම විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සහ දායක සභාව හා ප්‍රදේශවාසීන් හමුවී එම විහාරස්ථානවල පවතින අඩුපාඩු සොයා බලා ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගනු ලැබීය. 

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූඅග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ,ඉතිහාසයේ අන් කවරදාකටවත් වඩා අපේ රජය විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරලා තිබෙනවා.  ‍කෝටි 395 බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය වියදම් කර තිබෙනවා.  විශේෂයෙන් මේ මහියංගන ප්‍රදේශයේ විහාරස්ථානවලට ප්‍රමුඛ ස්ථානයක් දිය යුතුයි.  ඒ මොකද මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුද්ධාගම ගෙන එන්නටත් පෙර, බුදුරජාණන් වහන්සේ මේ මහියංගනයට වැඩම කරලා බුද්ධාගම ස්ථාපිත කළේ මේ මහියංගන ප්‍රදේශයේ යි.  ඒ නිසා මේ මහියංගන ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා සහ මහජනතාව ඒ පිළිබඳව ආඩම්බර විය යුතුයි.

     

    මෙම අවස්ථාවේ දී සභාව ඇමතූ රඹකැන් රජමහා පුරාණ විහාරාධිපති පූජ්‍ය කණුගොල්ලේ  රතනජෝති හිමියන් අදහස් දක්වමින්,මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි අග්‍රාමාත්‍යවරයෙක්   මේ මහියංගන ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත විහාරස්ථාන දාහතරකට එක දවසකදී ගොස් ඒවායේ පවතින අඩුපාඩු සොයා බලා විසඳුම් ලබා දුන්නේ. ඒ පිළිබඳ අග්‍රාමාත්‍යතුමාට අපගේ ස්තූතිය පුද කරනවා.  ඒ වගේම මේ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා.  උන්වහන්සේලා සියලු දෙනාම එක හඬින් පවසා සිටියේ මෙය ඓතිහාසික අවස්ථාවක් බවයි. ඒ වගේම ජනාධිපතිතුමා මේ රටට සාමය උදාකර දුන් මේ මොහොතේ, රටේ අනාගත අභිවෘද්ධිය තකා අපේ පූර්ණ සහයෝගය මේ රජයට ලබා දෙන බවඋන්වහන්සේ පැවසූහ.

     

    මෙම අවස්ථාවට, රිදීමාලියද්දේ සුමනසිරි හිමි, සේනාපතියේ යසස්සී හිමි, සෙනෙවිගම විමලානන්ද හිමි,සොරබොර උපනන්ද හිමි, රත්නපුරේ පියරතන හිමි, අත්නගල උදිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයත්,පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ, ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් ද සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya