අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දූරකතන තහනමක්

    සැප්තැම්බර් 17, 2014
    විවිධ දූරකතන ජාලවලට සම්බන්ධ දූරකතන ඔස්සේ ඡන්ද විමසීමට තරග කරන 
    අපේක්ෂකයන්ගේ පටිගත කළ ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය කරන බවට මැතිවරණ මහ 
    ලේකම් කාර්යාලයට පැමිණි ලැබී ඇති බැවින් ඡන්ද විමසීමට පැය 48ක් ඇතුළත එවැනි 
    ප්‍රචාරක කටයුතු ඡන්ද විමසීම් නීති උල්ලංඝනය කිරීමක් සේ සලකන බව මැතිවරණ මහ 
    ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    එමෙන් ම දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා වන ප්‍රචාරක කෙටි පණිඩුව 
    එවීමේ සංවිධානාත්මක ක්‍රියා සිදු වන බවට ද පැමිණිලි ලැබී තිබේ. මෙවැනි ප්‍රචාරක 
    කටයුතු ග්‍රාහකයන්ගේ කැමැත්තකින් තොර ව දූරකතන ජාල ඔස්සේ සිදු කිරීම නිදහස් හා 
    සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධාවකි. 
     
    එහෙයින් ග්‍රාහකයන්ගේ කැමැත්තකින් තොර ව ග්‍රාහකයන්ගේ පෞද්ගලික නිදහසට හානි 
    වන සේ දූරකතන ජාල හරහා සංවිධානාත්මක ව ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරක කටයුතු 
    සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සියලු 
    අපේක්ෂකයන් හා ආධාරකරුවන් වෙත කාරුණික ව දන්වා සිටින බව පවසයි. 
     
    ග්‍රාහකයන් නොදැනුවත් ව හෝ ඔවුන්ගේ කැමැත්තෙන් තොර ව හෝ ස්ථාවර හා ජංගම 
    දූරකතන සේවා සපයන පෞද්ගලික ආයතන හරහා සංවිධානාත්මක අයුරින් මෙවැනි 
    පටිගත කළ පණිවුඩ යැවීමෙන් වැලකී සිටින ලෙස සියලු ම ස්ථාවර හා ජංගම දූරකතන 
    සේවා සපයන සමාගම් වෙත දැන්වීමට ක්‍රියාකරනු ලබන බවද එම නිවේදනයේ 
    වැඩිදුරටත් සඳහන් වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya