අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ ත්‍යාගශීලීත්වය චීන - ලංකා ප‍්‍රබල මිතුදමක් අරඹයි Featured

    සැප්තැම්බර් 17, 2014

    චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ ශී‍්‍ර ලංකා සංචාරය තුළ දී මෙහි සංවර්ධනයේ බොහෝ ක්ෂේත‍්‍රවලට පිරිනමන ලද උපකාරයන් තුළින් ශී‍්‍ර ලංකාව කෙරෙහි චිනයේ ත්‍යාගශීලීත්වය විදහා දක්වන්නේ දෙරට අතර අලුත් ප‍්‍රබල මිතුදමක් සනිටුහන් කරමිනි.


    උපාය මර්ගික සහයෝගිතා සබඳතාව පුළුල් කිරීම, චීන - ශී‍්‍ර ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සඳහා සාකච්ඡා, දෙරට අතර පුළුල් පරාසයේ තාක්ෂණික සහයෝගිතාව හා ශී‍්‍ර ලංකාව සංවර්ධනයේ කේන්ද්‍රයක් බවට පත් කරනු ඇත.


    21 වැනි සියවසේ මුහුදු සේද මාවත පිළිබඳ අවධාරණය කෙරෙන සමුද්‍රික සහයෝගිතාව යනාදීය පිළිබඳ ව මෙහිදී චීනයේ සහයෝගය පළ කෙරිණි. චිනය හා මහින්ද චින්තනය විසින් යෝජනා කරන ලද නව සමුද්‍රික සේද මාවත එකිනෙක සඳහා ආදර්ශයක් වනවා මෙන් ම ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සඳහා,විශේෂයෙන් ම වරාය ඉදිකිරීම් හා සංවර්ධනය, සමුද්‍රික ආර්ථිකයේ පුළුල් කිරීම හා සමුද්‍රික ආරක්ෂාව සහතික කිරීමෙහි ලා විශාල වශයෙන් උපකාරි වනු ඇති බව චීන ජනපති පෙන්වා දුන්නේය.


    චීන නෞකාවන්ට පහසුකම් සැලසීම, සමුද්‍රික ආරක්ෂාව පිළිබඳ පොදු ක්ෂේත‍්‍රයන්හි දි එකාබද්ධ නාවික අභ්‍යාස පැවැත්විම, හමුදා සාමාජිකයින් පුහුණුව, වෙරළාරක්ෂක යාත‍්‍රා සැපයීම හා ජේ.එෆ්. 17 ජෙට් යානා සම්බන්ධ සහයෝගිතාව ඇතුළු ශී‍්‍ර ලංකාවට ලබා දෙන ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම ඇතුළු සමීප සහයෝගිතාව ඇති කර ගත හැකි අංශ ගණනාවක් පිළිබඳව රාජ්‍ය නායකයින් දෙපළ සාකච්ඡා කළහ.


    දෙරට අතර ගුවන් ගමනාගමන පහසුකම් පුළුල් කිරීම හා චින සංචාරකයන් ශී‍්‍ර ලංකාවට පැමිණීමට උනන්දු කරවීමේ ශක්තිමත් චීන සහයෝගය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. සෑම වසරකම සංචාරකයන් මිලියන 100ක් පමණ රටින් බැහැරට යන බව ජනපති ජින්පින්ග් මැතිතුමා සඳහන් කළේය. ඔවුන් අග්නිදිග ආසියාවේ සංචාරය කරන අතර නුදුරේදී දකුණු ආසියාවට පැමිණෙනු ඇති බවත් ශී‍්‍ර ලංකාවේ ආකර්ෂණීය ස්ථාන පිළිබඳව මනා ප‍්‍රචාරණයක් ලබා දිම තුළින් එය ශී‍්‍ර ලංකාවට විශිෂ්ට අවස්ථාවක් උදා කර දෙනු ඇති බව ද ඔහු පැවසීය.

     

    HC/priu

     

    Sri Lanka and China Hold Bilateral Discussions

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya