අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    සැප්තැම්බර් 03, 2014

    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2014) විභාගය සැප්තැම්බර් 27, 28 හා ඔක්තෝබර් 04 දිනවලදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    මේ විභාගය සඳහා අයදුම්කරුවන් 20,300ක් පෙනී සිටීමට නියමිතය.


    ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2015 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පවත්වනු ලබන තරග විභාගය - 2014 සැප්තැම්බර් විභාගය ලබන 06 දින කොළඹ දී පමණක් පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 3571 දෙනෙකු පෙනී සිටිනු ඇත.

    ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන ලිපිකරු සේවයේ  III වන ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය - 2013 (2014) සැප්තැම්බර් 07 දින දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වීමට නියමිතය.

    මේ සඳහා අයදුම්කරුවන් 39,848 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

    මහජන බැංකුවේ කළමනාකාර (3 - III) ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලිඛිත තරග විභාගය - 2014 සැප්තැම්බර් 13 දින කොළඹදී පමණක් පැවැත්වේ.

    මහජන බැංකුවට කළමනාකරණ පුහුණුවන්නන් බඳවා ගැනීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය (I කොටස) - 2014 විභාගය සැප්තැම්බර් 14 දින කොළඹ දී පමණක් පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 2,262ක් සහභාගි වන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya