මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් අගමැති සැප්තැම්බර් 7 දිවයිනට

    සැප්තැම්බර් 02, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පිළිගත් ජපන් අගමැති ෂින්සෝ අබේ මැතිතුමා දෙදින නිල සංචාරයක් සඳහා සැප්තැම්බර් 7 දින දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇත.


    ජපන්-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට 60 වසරක් පිරීම නිමිත්තෙන් 2013 මාර්තු මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජපානයේ නිල සංචාරයක නිරත විය.


    වසර 24කට පසු ජපන් අග්‍රාමාත්‍යවරයෙකු ලංකාවට පැමිණීම සුවිශේෂත්වයකි. මෙම සංචාරය තුළින් දෙරට අතර පවත්නා ශක්තිමත් වෙළඳ හා ආර්ථික සහයෝගීතා සබඳතා තවදුරටත් තහවුරු වී පුළුල් වනු ඇතැයි ලක් රජය විශ්වාස කරයි.

     

    අගමැති අබේ මහතා ජපන් වෙළඳ සමාගම්වල ව්‍යාපාර ප්‍රධානීන්, කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් හා ආහාර කර්මාන්ත යටිතල පහසුකම් සපයන්නන් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් කැටුව දිවයිනට පැමිණෙනු ඇත.


    ජපානය ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන හවුල්කරුවෙක් වන අතර මෙම නිල සංචාරය ඉදිරියේදී දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා වැඩි දියුණු කරගැනීමට ඉතා වැදගත් අවස්ථාවක් වනු නිසැකය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya