අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඩකයින් දෙදෙනෙකුට උසස්වීමක්

    සැප්තැම්බර් 02, 2014

    නායක ගුවන් භට දිල්ෂාන් සහ නායක ගුවන් භට මධුශාන් හට පසුගියදා පැවති ලයන්ස් කුසලාන අන්තර්ජාතික බොක්සිං තරගාවලියේ දක්වන ලද විශිෂ්ට දක්ෂතාවන් සලකා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් ඔවුන් ඊයේ (01) දින සිට නායක ගුවන් භට නිලයේ සිට කෝප‍්‍රල් නිලය දක්වා උසස් වීම් ප‍්‍රදානය කරන ලදී.


    එමෙන්ම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සංචිතයේ දක්ෂ ක‍්‍රීඩකයින් දෙදෙනෙකු වන ඔවුන්ට ගුවන් හමුදාධිපතිවරයා විසින් මුදල් ත්‍යාගයන් පිරිනැමීමද මෙහිදී සිදු කරන ලදී.

    නායක ගුවන් භට එම්.වයි.එම්. දිල්ෂාන් 2008 වසරේ නොවැම්බර් මස 18 වන දින මෙහෙයුම් භූමි වෘත්තියේ ආධුනික ගුවන් භටයෙකු වශයෙන් ගුවන් හමුදා සේවයට එක්වූ අතර, මින්නේරිය ගුවන් හමුදා මූලික කඳවුරේ මාස හතරක ආධුනික ගුවන් භට පාඨමාලාව හදාරන ලදී. පුහුණුවෙන් පසු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල කඳවුරෙහි රාජකාරීන්හි නිරත වෙන අතර, ගුවන් හමුදා අන්තර් ඒකක බොක්සිං තරගාවලිය නියෝජනය කරමින් අර්ධ අවසාන තරග වටයට සහභාගී විය. එහිදී දක්වන ලද උපක‍්‍රමශීලී තරග විලාශය හඳුනාගත් ගුවන් හමුදා බොක්සිං කමිටුව විසින් මොහු ගුවන් හමුදා බොක්සිං සංචියට තෝරා ගන්නා ලදී. ගුවන් හමුදා බොක්සිං සංචිතයට ඇතුළත් වී ලබාදුන් පුහුණුව මගින් ප‍්‍රමුඛ පෙළේ බොක්සිං ක‍්‍රීඩකයෙකු ලෙස ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං සංචිතයේ නිත්‍ය සාමාජිකයෙකු බවට පත්විය. මොහු ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජෝර්දානයේ අම්මාන් හි පැවති ආසියානු බොක්සිං තරගාවලියට සහභාගී වූ අතර 2014 වසරේ කියුබානු බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමට හිමිකම් කියන ලදී. එසේ ම මොහු ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා තරගාවලියටද සහභාගී විය. පසුගියදා පැවති ලයන්ස් කුසලාන අන්තර් ජාතික බොක්සිං තරගාවලිය නියෝජනය කරමින් රටවල් 11ක ක‍්‍රීඩකයින් අභිබවා “ලයිට් වෙල්ටර් වේට්” (කි.ග‍්‍රෑ 64 අඩු) බර පන්තියේ රන් පදක්කම දිනා ගන්නා ලදී.


    නායක ගුවන් භට පී.ජී.ඊ. මධුෂාන් 2009 වසරේ මාර්තු මස 11 වන දින මෙහෙයුම් භූමි වෘත්තියේ ආධුනික ගුවන් භටයෙකු වශයෙන් ගුවන් හමුදා සේවයට එක්වූ අතර ඔහුද මින්නේරිය ගුවන් හමුදා මූලික කඳවුරේ මාස හතරක ආධුනික ගුවන් භට පාඨමාලාව හදාරණ ලදී. එසේම ගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසලේ උසස් පාඨමාලාව හදාරා අනතුරුව ගුවන් හමුදා කොළඹ කඳවුරෙහි රාජකාරියෙහි නිරතව සිටන අතර කොළඹ කඳවුර නියෝජනය කරමින් 2010 වසරේ අන්තර් ඒකක බොක්සිං තරගාවලියට සහභාගී වූ අතර එහිදී ඔහු විසින් දක්වන ලද විශිෂ්ට දක්ෂතාවන් හේතුවෙන් ගුවන් හමුදා බොක්සිං කමිටුව විසින් ගුවන් හමුදා බොක්සිං සංචිතයට තෝරා පත් කර ගන්නා ලදී. එහිදී ලද පුහුණුව මගින් තම හැකියාවන් වර්ධනය කර ගත් මොහු ශ‍්‍රී ලංකා ජාතික බොක්සිං සංචිතය නියෝජනය කරමින් ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවති ද්විත්ව බොක්සිං තරගාවලිය සහ ග්ලාස්ගෝ 2014 පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල නියෝජනය කරන ලදී. මොහු පසුගියදා පැවති ලයන්ස් කුසලාන අන්තර් ජාතික බොක්සිං තරගාවලිය නියෝජනය “ලයිට් ෆ්ලයි වේට්” (කිග‍්‍රෑ 49ට අඩු) බර පන්තියේ රිදී පදක්කම දිනා ගන්නා ලදී.

    දැඩි කැපවීමෙන් සහ උනන්දුවෙන් තමන් සතු සියලු ම බොක්සිං දැනුම නායක ගුවන් භට දිල්ශාන් සහ නායක ගුවන් භට මධුෂාන් වෙත ලබාදෙමින් අති දක්‍ෂ බොක්සිං ක‍්‍රීඩකයින් දෙදෙනෙක් ගුවන් හමුදාවෙන් බිහි කිරීමට දායක වුණු ඔවුන් දෙපළගේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන ලද නායක ගුවන් භට එච්.ඒ.එස්.එස්. වෙත්තසිංහ වෙත ගුවන් හමුදාපතිගේ විශේෂ ස්තුතිය හිමි විය. ගුවන් හමුදා බොක්සිං සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සී.ආර්. ගුරුසිංහ, ගුවන් හමුදා බොක්සිං සංචිතයේ ලේකම් ස්කොඩ‍්‍රන් ලීඩර් එම්.වයි.එම්. සෆ්රාස් සහ ගුවන් හමුදා බොක්සිං සංචිතයේ අනෙකුත් නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya