අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලයට එන්න විපක්ෂයක් නෑ Featured

    අගෝස්තු 13, 2014
    ආණ්ඩුව පරාජය කරමින් බලයට ගෙන ඒමට නායකයෙකු හෝ බලයට පැමිණීමට තරම් හැදෙන විපක්ෂය පෙනෙන තෙක් මානයේ නොමැති බව වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    අපි ජනතාවත් එක්ක ඉන්න ආණ්ඩුවක්. අපට ජනතාවගේ හෘද ස්පන්දනය දැනෙනවා. ජනතාවගේ සිතුම් පැතුම් එක්ක වැඩ කරන ආණ්ඩුවක්. ලෝකයේ කොහේවත් සුදු ම සුදු හෝ කළු ම කළු ආණ්ඩු නෑ. යම් යම් ප්‍රශ්න පැමිණෙන විට මිනිස්සු එයට විරුද්ධව නැඟී සිටිනවා. ඒක හේතුවක් වෙන්නේ නෑ ආණ්ඩුවක් වෙනස් කිරීමට. 
     
    වර්තමානයේ දී දේශපාලකයන් මඩ දේශපාලනයට පුරුදු වෙලා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සුහද හවුලක් හදාගෙන තිබෙනවා. විපක්ෂය මැතිවරණ වේදිකාවේ අලෙවි කළ හැකි භාණ්ඩ හොයනවා. ඒ හරහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර අඩුකිරීමත්, මොනරාගල දිස්ත්‍රික්කයට එම මන්ත්‍රී ධුර එකතු කිරීමත් මේ දිනවල දේශපාලන වේදිකාවේ දී අලෙවි වනවා. 
     
    මෙලෙස මන්ත්‍රී ආසන අඩු වැඩි කිරීම බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී මෙන් ම උතුරු පළාත් සභා මැතිවරණයේ දී ද සිදු වූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය නින්දෙන් අවදි වී මැතිවරණ කොමසාරිවරයාට මෙන් ම රජයට ද නිකරුණේ චෝදනා එල්ල කරන බවත් පෙන්වා දුන්නේය.
     
    මෙම සියලු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවණ කොමසාරිස්වරයා වෙත පැවරී ඇති බලතල අනුව සිදු කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya