මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ලේකම් හෙට නෙළුම් කුලුණේ නීරීක්ෂණ චාරිකාවක Featured

    අගෝස්තු 13, 2014

    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හෙට (14) පස්වරුවේ නෙලුම් කුලුණ බහු සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවක නියැළීමට කටයුතු යොදා ඇත.

    මේ වන විට නෙළුම් කුලුණේ උස මීටර් 85ක් දක්වා අවසන් කර ඇති අතර ඉදිරියේදී මෙහි ඉදිකිරීම් කටයුතු මසකට මීටර් 20ක උසකින් සිදු කිරීමට හැකි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා  පැවසීය.

    මීටර් 350ක් උසැති බහු සම්ප්‍රේෂණ කුලුණක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුණ දකුණු ආසියාවේ උසම කුලුණ වශයෙන් ද ආසියාවේ පස්වන තැන ද ලෝකයේ ම දහනව වන තැනද හිමිකර ගැනීමටද සමත්වනු ඇත. කුලුණේ ඉදිකිරීම් 2015 වසර අවසානය වන විට නිම කිරීමට හැකි වනු ඇති බව අනූෂ පැල්පිට මහතා විශ්වාසය පළ කරයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya