මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "බලය සහ බලය" විද්වත් සංවාදය හෙට

    අගෝස්තු 13, 2014

    පසුගිය 05 වන දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වුණු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචනා කරන ලද "බලය සහ බලය" කෘතිය සහ එහි ඉංග්‍රීසි පිටපත ‘Power & Power’ කෘතියට අදාළ විද්වත් සංවාදය හෙට (14) සවස 4.00 ට කොළඹ 07 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    මේ වන විට මෙම කෘතිය පිළිබඳව සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන විද්වත් කණ්ඩායම් අතර සංවාදයක් ගොඩනැගී ඇති අතර ඒ සඳහා ජනමාධ්‍ය තුළින්ද විවිධ විචාර ගොඩනැගෙමින් පවතී.

     

    මෙම සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යමින් "බලය සහ බලය" කර්තෘ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රසිද්ධ විද්වත් සංවාදයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු විද්වතුන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya