මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උද්ධමනය අඩු වෙයි Featured

    අගෝස්තු 23, 2016

    වාර්ෂික උද්ධමනය 2016 ජුනි මාසයේ 6.4% සිට 2016 ජූලි මාසයේ 5.8% දක්වා අඩුවී ඇති ‍බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි.

    2016 ජූලි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 3.0% ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.8%  ක දායකත්වයක් පිළිවෙලින් ලබා දී ඇත.


    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 ජූලි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 115.2 ලෙස ගණනය කර ඇත. ජූලි මාසයේ දර්ශකය ජුනි මාස‍යේ දර්ශකය (116.1) හා  සංසන්දනය කල විට 0.9ක දර්ශකාංක අඩුවීමක් හා ප්‍රතිශතයක් ලෙස 0.8ක අඩුවීමක් වාර්තා වේ. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.7% කින් අඩුවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.1% කින් අඩුවීම බලපා ඇත.

     

    2016 ජුනි මාසය හා සසඳන කල 2016 ජූලි මාසය සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.7%ක අඩුවීමක් දක්නට ඇත. මෙම අඩුවීම සඳහා එළවළු, පොල්, අළුත් මාළු, සීනි, දෙහි, වියළි හාල්මැස්සන්, රතුළූණු,  මයිසූර් පරිප්පු, සහල්, සුදුළූණු සහ පාන් පිටි යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එසේ වුවත් බිත්තර, කෙසෙල්, අමු මිරිස්, කුකුල් මස්, අඹ, පැපොල්, මිරිස් කුඩු, අර්තාපල්, අන්නාසි සහ කඩල යන ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් වාර්තා වී ඇත.

     

    2016 ජුනි මාසය හා සසඳන කල 2016 ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.1%ක අඩුවීමක් දක්නට ඇත. මෙම ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම අඩුවීම සඳහා ‘සන්නිවේදන’, ‘සෞඛ්‍ය’, සහ ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’, යන කාණ්ඩවල අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත. එසේම පසුගිය මාසය (ජුනි) හා සසඳන කල ‘විනෝදාත්මක හා සංස්කෘතික’ සහ ‘රෙදිපිළි හා පාවහන්’ යන කාණ්ඩවල වියදම්වල වටිනාකමෙහි ඉතා සුළු අඩුවීමක් වාර්තා වී ඇත. එසේ වුවත් ‘විවිධ භාණ්ඩ හා සේවා’, ‘ප්‍රවාහන’, ‘මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ හා මත්ද්‍රව්‍ය’, ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ සහ ‘ආපනශාලා හා හෝටල්’, යන කාණ්ඩවල වියදම්වල වටිනාකම වැඩිවී ඇත. ‘අධ්‍යාපන’ කාණ්ඩයේ වියදම්වල වටිනාකම නොවෙනස්ව පැවතුණි. මෑතකදී හඳුන්වා දුන් වැට් බදු අනුපාතයන් ඉවත් කිරීම හේතුවෙන් ‘සන්නිවේදන’, ‘සෞඛ්‍ය’, සහ ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’, යන කාණ්ඩවල මිල අඩුවිය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya