අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොඳම බිම් වෙඩි හඳුනාගැනීමේ කාණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවෙන්

    අගෝස්තු 23, 2016
    ලෝකය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබා දීමේ ආයතනයක් වන  එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් 2016 ඔක්තොම්බර් මස 26 වන දින වොෂිංටන් ඩීසී හිදී පැවැත්වීමට නියමිත මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ හඳුනාගැනීමේ සුනඛයා වන අල්වින් සහ  එම සුනඛයාගේ හසුරුවන්නා වන 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ජී.එන්.ඩබ්ලිව්.එන් නවරත්න හට හොඳම බිම් වෙඩි හදුනාගැනීමේ කාණ්ඩායම ලෙස ‘බිම් වෙඩි හදුනාගැනීමේ සුනඛයා -2016’ සම්මානයෙන්  පිදුම්  ලැබීම සඳහා තේරී පත් වි ඇත.
     
    මෙම  ද්විත්ව සාමාජික බිම් බෝම්බ නිරීක්ෂණ කණ්ඩායමේ අල්වින්  සහ එම සුනඛයාගේ හසුරවන්නා වන ලාන්ස් කෝප්‍රල් නවරත්න 2011 දෙසැම්බර් 28 වන දින සිට එක්ව වැඩ කටයුතු සිදු කරන අතර, උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මේ වන විට ආසන්න වශයෙන්  වර්ග මීටර්73,340 ක ප්‍රමාණයක බෝම්බ නිශ්ක්‍රීය කිරීම් සිදු කර ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya