අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය නගරය පිළිබඳ වාර්තාව සකස් කළ පසු පාර්ලිමේන්තුව දැනුවත් කරනවා

    අගෝස්තු 23, 2016

    මූල්‍ය නගරය පිළිබඳ වාර්තාව සකස් කළ පසු පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත් දැනට ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (23) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා, ගොඩකිරීමට ගිය වරාය නගරය, දැන් මූල්‍ය හා වාණිජ නගරයක් ලෙස සැලසුම් කරන්නට බලාපොරොත්තු වෙනවා. මූල්‍ය නගරය වෙනත් ස්ථානයක පිහිටුවීමටයි බලාපොරොත්තු වුණේ. කර්මාන්ත කලාප කිසිවක් සම්බන්ධ වී නෑ. අපි කිසිවෙටෙක කර්මාන්ත  කලාපයක් දාන්න සාකච්ඡා කළේ නෑ. කර්මාන්ත කොළඹදාන්න අපිට බලාපොරොත්තුවක් තිබුණේ නෑ. අපේ බලාපොරොත්තුව මෙය මූල්‍ය නගරයක් බවට පත් කිරීමටයි.

     

    මේ වැඩකටයුතු සම්බන්ධයෙන් මූලික ගිවිසුම අත්සන් කළා. මූල්‍ය නගරයේ සංකල්පය පිළිබඳ වාර්තාව සකස් කළාම, මේ සභාවට අපි දැනුම් දෙන්නම්. දැනට ඒ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. මූල්‍ය නගරය පිළිබඳව වාර්තාව තවම සකස් කර නෑ.එය මෙම සභාවටත්,  චීන ආණ්ඩුවටත් ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳව චීන ආණ්ඩුවත් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    මේ සභාව සමඟ සාකච්ඡා කරලා,ඉදිරියට යන්නයි බලාපොරොත්තු වන්නේ. මේ වසර අවසන් වනවිට ඒ වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට හැකිවෙයි කියා බලාපොරොත්තු වෙනවා.

     

    වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇතිවිය හැකි පරිසර හානිය සම්බන්ධයෙන්  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා;

    මූල්‍ය නගරය පිළිබඳ සංකල්පයක් ගැන සාකච්ඡා කළා. මුලින්ම සාකච්ඡා වුණේ වැලිකඩ බන්ධනාගාරය තිබෙන ස්ථානයට හෝ රත්මලානට ගෙන යෑමටයි. වැලිකඩ බන්ධනාගාරය තිබෙන ඉඩමට වඩා වැඩි භූමියක්  මෙතැන තිබුණා. ඉන් සම්පූර්ණ ප්‍රයෝජනයක් ගත යුතුයි. පරිසර වාර්තාව අනුමත කළා, ඉදිරියට යන්න කියලා. සින්නක්කර ඉඩම් තෝරාගන්නේ නෑ කියා චීන සමාගම එකඟ වුණා. අනෙක් සියල්ලම පරිසර වාර්තා අනුවයි ක්‍රියාත්මක කරන්නේ. ධීවර ප්‍රශ්නය පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. වැලිකඩ ප්‍රධාන වෙළඳ සංකීර්ණයක් බවට පත්වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya